ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය බියගැන්වීමක් – මාධ්‍ය එකමුතුව

President Gotabaya Rajapaksa media organisations

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාර්තු 20 දා  ගම සමඟ පිලිසඳරක් වැඩසටහනේදී මාධ්‍ය නිදහස ගැන කථා කළේය. ඔහු කියා සිටියේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එමෙන්ම මාධ්‍ය මාෆියාවක් ඇති බවට චෝදනා කළ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් දීර්ඝ විවේචනයක් සිදු කරන ලදි. මෙම විවේචනය සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සංවිධාන යන එකතුව මගින් කියා සිටින්නේ මාධ්‍ය  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මාධ්‍යට බරපතල අනතුරු ඇඟවීමක් බවය. මාධ්‍ය නිදහස යනු මාධ්‍යය හිමිකරුවන්ගේ නිදහස නොවන බවටත්…

Read More

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM

Do not interfere with the right to freedom of expression

රත්නපුර, රක්වානේ භාග්‍යා අබේරත්න ගැන දැන් නොදන්නා කෙනෙකු නැත. ඇය එක රැයකින් ජනප්‍රිය තාරකාවක් විය. ඒ සිරස ලක්ෂපති වැඩසටහනේදී ඇය සිංහරාජයේ සිදුවන මහා පරිමාණ ඉඩම් කොල්ලයක් ගැන සෘජුව ප්‍රකාශ කිරිම නිසාය. මේ නිසා ඇයට පරිසරවේදීන්ගේ, විපක්ෂයේ දේශපාලඥයින්ගේ නොමඳ පැසසුම් හිමි විය. නමුත් මේ වන විට භාග්‍යාට සමාජ මාධ්‍ය ජාලා වලින් විවිධ ආකාරයේ අඩත්තේටම්, හිංසනයන් සිදුවන්නට පටන් ගෙන ඇත. එසේම ඇයව සොයා ආරක්ෂක අංශද යන්නේය. මෙය යහපත් ප්‍රවණතාවයක් ලෙස සැලකිය නොහැකිය. ඇතැම් පුද්ගලයින් මේ වන විට භාග්‍යාව හඳුන්වන්නේ හොරිකඩ කෑල්ල කියාය. තවත් සමහරු කියන්නේ මෙය සිරසේ නාටකයක් බවය. කෙසේ නමුදු සත්‍ය…

Read More

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  

Iccpr shakthika sathkumara

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත. කලා හා සාහිත්‍ය කෘතින්, ලේඛක ලේඛිකාවන් මෙන්ම නිදහස් මතධාරින් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු විට නිසි අධ්‍යයනයකින් කටයුතු කළ යුතු බවත් එසේ නොකර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම දිගින් දිගටම මේ වන විටත් සිදු වෙමින් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී හා ලේකම් ලසන්ත ද සිල්වා…

Read More

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

Democracy in Myanmar

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි…

Read More

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

Black January seeks justice for 11 years

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කරන  බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බවය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත්…

Read More

අද ජනමාධ්‍යට සමාජයේ ඉඩක් නැහැ – සීතා රංජනී (කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය)

Media has no place in society today - Sita Ranjani (Convener Free Media Movement)

මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක.  මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද? මට නම් පේන්නේ ජනමාධ්‍ය කියන එකට අද සමාජය තුළ ඉඩක් නැති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඇත්තටම දරුණු විදියට විවේචනය කරනවා නොවෙයි. අතලොස්සක් මාධ්‍ය තියෙන්න පුළුවන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා මේ ප්‍රශ්න දිහා බලන. ඒවා ඉතාම සීමිතයි, ඒවායේ හඬ සමාජයට නොඇසෙන තරම්. ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කියූ විට විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය හා පුවත්පත් සියල්ලම පාහේ බොහෝ…

Read More