වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි

වසංගතය අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ

වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් රජයට බලකරමින් සිවිල් සංවිධාන හා පුද්ගලයින් 127ක් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ ඒම සම්පුර්ණ ප්‍රකාශයයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ නො හෙළන ලෙස පහත නම් සඳහන්…

Read More

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!

The government has forgotten to give uniforms and shoes to school children

අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. දෙවන පාසල් වාරය ආරම්භවී දින 15 ක පමණ කාලයක් ගත වී ඇතත් පාසල් නිල ඇදුම් හෝ වව්චරය තවම ලබාදී නැති බව පැවසූ ඒ මහතා කඩිනමින් එම කටයුත්ත සිදුකළ යුතු බව පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා. කොරෝනා වසංගතය එක්ක බහුතරයක් දෙමාපියන් දැඩි ආර්ථික අපහසුවකට පත්වෙලා ඉන්න…

Read More