ඡන්ද නීති වෙනස් කිරීමට මන්ත්‍රීවරියන්ගෙන් යෝජනා!

Proposals to change election laws forum of women parliamentarians

ශ්‍රී ලංකාවේ සියළුම මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට එකාබද්ධ කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කරයි. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති  වල ප්‍රතිසංස්කරණය හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඒ සම්බන්ධයෙන් නිර්දේශ කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙලෙස සම්මත කරගෙන ඇත. මෙම තීරණ ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය. ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ සඳහා ඒකමිතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සහ එහිදී…

Read More

ඡන්දයේදී කාන්තා නියෝජනය නැංවීමට නැවතත් යෝජනා!

Representation of Women in the Electoral Structure of Sri Lanka

ශ්‍රී ලංකාවේ  පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ. මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70%  අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසී‍ම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිඛිතව දැනුම් දීමට  එම  සංසදය තීරණය කර ඇත. මීට අමතරව පළාත් පාලන මට්ටමේ ඡන්ද 25%  කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වන යෝජනාවක්ද,  සියලු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන්  50% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට මැතිවරණ නීති රීති…

Read More

පුරුෂෝත්තම සමාජය තුළ හංසමාලි ප්‍රශ්නයක්ද? කාලීන ZOOM සංවාද මාලාව 01 | කථීකාචාර්ය අරුණි සමරකෝන් | ලංකා බණ්ඩාරනායක

Read More

කිසිවක් Delete නොකර එකතු කරන වැඩපිළිවෙල “delete nothing”

Delete Nothing Technology Violence Documentation Project

ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්, ස්ත්‍රීන් සහ සංක්‍රාන්ති පුද්ගලයන්ට එරෙහි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩතා ලේඛනගත කිරීමේ ව්‍යාපෘතියක් එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ලාංකික කාන්තාවගේ දායකත්වයෙන් ආරම්භ කර තිබේ. කිසිවක් Delete කරන්න එපා යනුවෙන් නම් කර ඇති එය  ත්‍රීභාෂා වෙබ් පදනම් කරගත් සමීක්ෂණ මෙවලමකි. තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය කෙබඳු විය හැකිද යන්න සම්පත් සමඟ ඇති මෙවලම්වල විස්තර, එවැනි ප්‍රචණ්ඩත්වයන් සමඟ කටයුතු කළ හැකි ක්‍රම සහ උපකාර අවකාශ සමඟ සම්බන්ධ විය හැකි ස්ථාන වෙබ් අඩවියක තැන්පත් කෙරේ. කිසිවක් Delete කරන්න එපා මඟින් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීමේ…

Read More