ලෝකයේ වැඩිම උභය ජීවීන් වඳවී ඇත්තේ ශ්‍රී ලංකාවේ!

amphibians in sri lanka IUCN Red List

ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව හෙළි වී තිබේ වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවින් බව රතු දත්ත පොතේ වාර්තා උපුටා දක්වමින් පරිසර වේදීන් අමාත්‍ය මහින්ද අමරවීර ට පෙන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන පරිදි  පසුගිය සතියේ බ්‍රහස්පතින්දා  පරිසර සංවිධානවල නියෝජිතයන්, පරිසර විද්‍යාඥයන් හා පරිසර මාධ්‍යවේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව  සාකච්ඡා කර…

Read More

වනජීවීය හා වනසංරක්ෂණය “කෲඩියා සිලනිකා”  සොයා රට පීරයි!

Crudia Zeylanica Department of Wildlife Conservation

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක පණු කරඳ ශාකයක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ඉල්ලා සිටී. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර දැනුම් දෙන්නේ පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව තිබෙන  ශ්‍රී ලංකාවේ පමණක් ඇති, රනිල කුලයට අයත් ශාකයක් බවයි. “‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.” එම නිවේදනයේ…

Read More