සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

welikada

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින් සිරකරුවන් පිරිසක් පසුගිය මාසයේ  ආරම්භ කළ  විරෝධතාවයට ඔක්තෝබර් 12 වැනිදා වන විට දින 22 ක් සම්පුර්ණ වී ඇති බවය. GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කෙරෙන පසු බිමක සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සිරකරුවන්ගේ   අපේක්ෂාව…

Read More