රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව මෙම තීරණය ගෙන ඇත. එසේම ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගතහොත්, ඊට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව රුසියාව ෆින්ලන්තයට පැහැදිලි කර තිබේ. තවද උතුරු අත්ලාන්තික් සංවිධානයේ අවි රුසියානු දේශ සීමා අසල ස්ථානගත කළහොත් රුසියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය. කෙසේනමුත් ගෙවීමට ඇති හිඟ මුදල් හේතුවෙන් ෆින්ලන්තයට ලබා දෙන විදුලි සැපයුම මැයි 14 වෙනි දින විසන්ධි කරන බව රුසියානු…
Read MoreTag: EU
රුසියානු යුධ අපරාධ හොයන්න කවුන්සිලයක්
යුක්රේනය ආක්රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාවට සාමාජිකයින් 33 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. නමුත් චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එසේම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත. ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇත. එසේම…
Read Moreමෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.
යුක්රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි. එසේම තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල් සඳහන් කර ඇත. තවඳ ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවත්. එසේම ඒ සඳහා සිය හමුදාවට උපකාර කරන ලෙසත් ය. එබැවින් මෙම වීඩීයෝ…
Read Moreයුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්
යුක්රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන අන්දමට රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුමේ අවසානාය ළඟා කරගැනීමට අවශ්‍ය නම් එම කොන්දේසි 06ට එකඟ වන ලෙස ජනපති පුටින් යුක්රේනයට ප්‍රකශ කර අත. එම කොන්දේසි නම්, 01. යුක්රේනය නේටෝ හි සාමාජිකත්වය නොගෙන මධ්‍යස්ත ලෙස කටයුතු කිරීම. 02. ක්රිමියාව රුසියාවට අයිති භූමි ප්‍රදේශයක් ලෙස පිළිගැනීම. 03. ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩු සඳහා ස්වාධීනත්වය ලබා දීම.…
Read Moreමරීනා හා රුසියානු මාධ්‍යය මර්දනය
මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් … පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින් කතා කරා. ඒ වගේම හිර මැදිරියක් ඇතුලෙම තනිවම මියගිය ඉබෲ ටිම්ටික් ගැනත් අපිට මතකයි. ඒ නිසා මරීනා හා රුසියානු මාධ්‍යවේදීන් ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක්. පහුගිය දවසක රුසියානු ජාතික රූපවාහිනියේ සජීවී ප්රවෘත්ති විකාශනය වෙන අවස්ථාවේ යුද්ධය නවත්වනු , රුසියානු මාධ්‍ය ජනතාවට බොරු කියයි යනුවෙන් ලියපු පුවරුවකුත් අරගෙන ප්රවෘත්ති මැදිරියට කඩා වැදුනු කාන්තාව තමයි මරීනා…
Read Moreයුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්
රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්රවෘත්ති විකාශය අතරතුර ” යුද්ධය එපා ” යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි. “යුද්ධය එපා, යුද්ධය නවත්වන්න, ප්‍රචාරණ විශ්වාස නොකරන්න. ඔවුන් මෙහි ඔබට බොරු කියනවා.” යනුවෙන් සටහන් වූ පුවරුවක් ප්‍රදර්ශනය කරමින් රුසියාවට මෙලෙස විරෝධතා දක්වා ඇත්තේ මෙම නාලිකාවේම ප්රවෘත්ති සංස්කාරකවරියක ලෙස කටයුතු කරන මරිනා ඔව්සන්නිකෝවා මාධ්‍යවේදිනියයි. රුසියානු රූපවාහිනී ප්රවෘත්ති, රුසියානු රජය විසින් දැඩි ලෙස පාලනය කරන අතර, දැන් එම මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ යුක්රේන ආක්‍රමණය පිළිබඳ රුසියානු…
Read Moreජෝ බයිඩන්ට පුටින්ගෙන් සම්බාධක
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම සම්බාධක ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සිටී. එමෙන්ම හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් ගේ නම්ද එහි අන්තර්ගත වී ඇත. මෙම ලැයිස්තුවේ නම් ඇතුළත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රුසියානු සමුහාණ්ඩුවට…
Read Moreනේටෝ සාමාජිකත්වය අපිට එපා – යුක්රේනය
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා නේටෝ පසුපස නොයන බවයි. එනම් නේටෝ තම රට පිළිගැනීමට සූදානම් නොමැති බවත් ඒ හෙතුවෙන් තවදුරටත් ඔවුන් පසුපස ගියාට ඵලක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ය. රුසියාවට එරෙහි ගුවන් ප්‍රහාර තවත් ප්‍රබල කිරීමට යුක්රේනයට මිග් යානා ලබා දෙන ලෙස සෙලෙන්ස්කි ආයාචනය කර ඇති අතර පෝලන්තය, ඇමරිකාවට එය ලබා දෙන ලෙස ඉල්ලා තිබුණත් ඇමරිකා එක්සත් ජනපදය විසින් එම යෝජනාව ප්රත්ක්ෂේප කර ඇති බව වාර්තා වේ. එනමුත් එක්සත් ජනපදය පවසා සිටින්නේ යුක්රේනය තමන්ගේ ගුවන් ප්‍රහාර සාර්ථක ලෙස හසුරවමින් රුසියාවට එරෙහි…
Read Moreයුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ
යුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ උනත් තවමත් එහි න්‍යෂ්ටික කාන්දුවක් සිදුවිය හැකි අති සංවේදී උපකරණ වලට කිසිඳු හානියක් සිදුවී නැත. “දැන්වත් යුරෝපය අවදි වී යුතුයි, එසේ නොමැති නම් නැවත මෙවැනි පිපිරීමක් අප සියල්ලන්ගේම අවසානය වනවා නොඅනුමානයි ” යන්න මෙම අවස්තාවෙන් පසු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය. එමෙන්ම සෙලෙන්ස්කි රුසියානු ජනපති පුටින් සමඟ සෘජු සාකච්ඡාවකට ආරාධනා කළ නමුත් ඊට තවමත් ප්‍රතිචාරයක්…
Read Moreලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම මෙම යුද්ධයටද එය විශාල ලෙස බලාපා ඇති අතර මෙනිසා රුසියාව බලාපොරොත්තු වූ ඉක්මන් ජයග්රහන බලාපොරොත්තුව බිඳ වැටී ඇත. මෙම තත්ත්වය තුළ රුසියානු ජනාධිපතිවරයා මීටත් වඩා අන්තගාමී පියවරයන් වෙත යනු ඇතැයි බටහිර යුධ විශ්ලේෂකයෝ අනතුරු අඟවයි. තත්ත්වය මෙසේ තිබියදී රුසියානු රූකඩ රාජ්‍යක්වන බෙලරුසියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බටහිරට අනතුරු අඟවා ඇත්තේ මෙම ආර්ථික සම්බාධක පියවරයන් රුසියාව තුන්වන…
Read More