උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

Prevention of Terrorism Act S Sridaran

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා බලෙන් අතුරුදහන් කරන ලද තම ඥාතියා සොයා දෙන ලෙස ඉල්ලා අරගල කරමින් සිටින බවත් මේ අරගලයේ නිරත වු පුද්ගලයින් 56 කු දැනට මිය ගොස් ඇතත් තවමත් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔහු කියා සිටියි. එදා යුද්ධය අවසන් විමෙන් පසු සිය ස්වාමියාව, දරුවාව, සහෝදරයාව රජයට භාර දුන් ජනතාව මේ අරගලයේ යෙදී සිටින බවද ඔහු පෙන්වා…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම

prevention of terrorism act Presidential Commission of Inquiry

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතුරු වාර්ථාව පෙරේදා (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන්…

Read More

අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් ගැන රජය අමතක කළ කරුණු මොනවාද?

Arrest and Detention national peace council

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට ප්‍රබල බලපෑමක් ඇති කරවන්නක් බවත් ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලය පවසයි. සමාජයේ විවිධ අංශ මුහුණ දෙන දුක්ගැනවිලි සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් කරන ලද විරෝධතා කිහිපයක් පොලීසිය විසින් බිඳ දමා තිබෙන බවත් එහි විශේෂම දෙය නම් ලංකා ගුරු සංගමයේ ප්‍රධානී ජෝසප් ස්ටාලින් ඇතුළු සිවිල් සමාජ කණ්ඩායමක් විසින් සාමකාමී මහජන විරෝධතාවයක් පැවැත්වීම…

Read More

GSP+ රැක දීමට වෘත්තිය සමිති ආණ්ඩුව සමග සාකච්ඡා

Negotiations with the Trade Union Government on behalf of GSP + in Sri Lanka

යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබු අවස්ථාව අහිමි වීම වලක්වා ගැනීමට සැලසුම් කිරීමේදී කම්කරු අයිතීන් නොසලකා හැරීමට රජය උත්සාහ දරන බවට වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි. එමෙන්ම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ…

Read More

ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!

Review of the Prevention of Terrorism Act

යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි. මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට ඇති විය හැකි බලපෑම පිලිබඳව විවිධ පාර්ශව විසින් කථා කරන්නට පටන් ගත්තේ යුරෝපා සංගමයේ මේ තීරණයත් සමගිනි. ආණ්ඩුවද යම් තිගැස්මකට පත් කළ මේ කථිකාවත නිසා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට ආණ්ඩුව සුදානමින් ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව යුරෝපා සංගමයට වහාම දැනුම් දීමට කටයුතු කර ඇත්තේ ලංකාව මේ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් මේ වන…

Read More

තනි සිදුවීම් සඳහා විසඳුම්  ගැනීමේ  සිට  පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ  ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා

peace and reconciliation dr jehan perera

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ රාජ්‍ය බලය විදහා දැක්වීමකින් තොරවය, කොටින්ම ජාතික ධජය පවා නොමැතිවය. එය ජනාධිපතිවරයාගේ අවංක පෞරුෂය ප්‍රක්ෂේපණය කිරීමට සහ ජනතාවගේ සානුකම්පිත සහයෝගය ලබා ගැනීමට ගත් උත්සාහයක් බව පෙනේ.  මෑත මාසකිහිපය තුලදී ජනාධිපතිවරයාට  සමාජ මාධ්‍යවල දැඩි විවේචන එල්ලවෙමින් පැවති අතර එම තත්වය  රජයේ පාලනයට නතු කර ගත නොහැකි විය.  බොහෝ විවේචන රෝපණය කරනු ලබන්නේ අසාර්ථක වන ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයක්…

Read More

මානව හිමිකම් නැතුව ලංකාවට ජාත්‍යන්තර ව්‍යාපාර කළ නොහැකියි – පිලිප් දිසානායක

human rights Sri Lanka international business gsp+

ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු වන්නේ වදහිංසා කිරීම්, අතුරුදහන් කිරීම් හා අනීතික ඝාතන බවත් මේ වදහිංසාව පොලිසීය තුල පමණක් නොව බන්ධනාගාරය ඇතුලු රාජ්‍ය ආයතන වලද සිදු වන බව ඔහු පවසයි. මානුෂික හිංසාව සාමාන්‍යකරණයක් බවට පත්ව ඇති මේ රටේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ වහාම ස්වාධීන පරික්ෂණයක් ආරම්භ කරන ලෙස එක්සත් ජාතීන්ගේ 47 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය මේ වන විට…

Read More

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර

Manusha Nanayakkara human rights in sri lanka

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය අහිමි වීමේ තහනම එන විට ශානි අබේසේකරට ඇප දෙන්නට කටයුතු කරන බවත් දෙමළ සිරකරුවන් කිහිප දෙනෙක් නිදහස් කිරිමටත් කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දෙයි. මේ කරන්නේ මානව හිමිකම් කවුන්සිලය රැස් වන වේලාවට ෂේප් එකේ ලිස්සා යාමේ ක්‍රියාදාමයක් බවත් කුමන හෝ නූල් සුත්තරයක් ගහගෙන ඊළඟ අවුරුද්ද තෙක් එය ඇදගෙන යන බවද ඔහු පවසයි. මානව හිමිකම්…

Read More

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

Amendment to the Prevention of Terrorism Act gsp+ sri lanka

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.” ශ්‍රී ලංකා රජය සිය…

Read More

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

fuel prices gsp+ sri lanka politics

ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් පවතින සැබෑ තත්ත්වය සම්බන්ධව කළ පළමු ප්‍රකාශය මෙය විය හැක. මින් පෙර සිදු කළ සෑම ප්‍රකාශයකින්ම කිය වුනේ කිසිදු අර්බුදයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බවත්, ඔවුන් ඉතාමත් හොදට රට පාලනය…

Read More