පළාත් සභා ඡන්දෙට පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්!

Provincial Council Election paffrel

එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද එහි ලේකම්වරයා වෙත භාර දී ඇත. එම යෝජනාවලියෙන් පසුගිය වසර 3ක අත්දැකීම් සැළකිල්ලට ගෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටත්, විෂයභාර අමාත්‍යවරයාටත් ප්‍රසාදය පළ කරමින් පහත කරුණු සඳහන් කර ඇත. සංශෝධනයේ පදනම ලෙස සැළකිය යුතු නොඑසේනම් නොසළකා නොහැරිය යුතු ප්‍රධාන කරුණු   ■          සමානුපාතික…

Read More

නව පළාත් පාලන ඡන්ද ක්‍රමයක් ගැන අදහස් හා යෝජනා කැඳවීම දීර්ඝ කරන්න – ෆැපරල්

PAFFREL local government elections sri lanka

නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස ෆැපරල් සංවිධානය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත. ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුක්තව යවා ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 262 අධිකාරය වූ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ හඳුන්වා දෙන ලද මිශ්‍ර සාමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව…

Read More