අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

Demands from European governments for Ahnaf jazeem release

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු පසුගිය මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් කළ ඉල්ලීමෙන් අනතුරුවය. “ජසීම් මහතා වහාම නිදහස් කරන ලෙස, එසේත් නැතිනම් සාධාරණ නඩු විභාගයක අයිතිය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගතව කඩිනමින් චෝදනා ගොනුකරන ලෙස ඉල්ලීම සඳහා…

Read More

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. – ගෞ. ආසිරි පෙරේරා

Rev. Asiri Perera easter sunday attack

සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පාස්කු ඉතිහාසය පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල් දහයක් ඇවිල්ලා අන්තිමේ දී දහවෙනි පීඩාවෙදි තමයි ඊජිප්තුවේ කුළුඳුල් දරුවන්ව මැරීමක් සිදුවුනේ. එතනදී ඊශ්රායෙල් ජනතාව බේරුණේ ඔවුන්ගේ උළුවස්සේ බැටළුවෙකුගේ ලේ තවරා තිබීම නිසයි. එහි අදහස වන්නේ ඔවුන්ගේ ජීවිත වල ඇති වැරදි, පාපයන් තිබුණු නිසා එම පාපයෙන් ඔවුන්ව නිදහස් කිරීමේ ක්‍රියාවලියක් හැටියට “පසුකර යෑමක්” (ඡ්ිදඩැර) කළේ. නිකම්ම පසුකර ගියා නෙමෙයි. ඒ සඳහා බැටළුවෙකුගේ පූජාවීමක් තිබුණා. පාස්කුව…

Read More

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.

Cardinal Malcom Ranjith Easter Sunday bomb attack Ulapane Sumangala Thero

මැල්කම් රංජිත් සිදු කළ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නොව ඔහුගේ කට පාවිච්චි කර  තව වසර කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිහින දකින පුද්ගලයෙකුගේ පිට වූ හඬක් බව භික්ෂු සංවිධානයේ එකමුතුවේ කැඳවුම්කරු, සාහසික වියරුව පරදවමු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි පවසයි. කට මැල්කම් රංජිත්ගේ වුවාට ඒ හඬ මැල්කම් රංජිත්ගේ නොවන බවත් ඔහු මෙවැනි ප්‍රකාශ කරන්නේ මෙරට කුමන ජන කොටසක් නියෝජනය කරමින්ද යන්න විමසිය යුතු අතර උලපනේ හිමියන් පවසන්නේ ඔහුගේ ජන කොටසේ සංයුතිය අනුව මේ රටේ පිරිස ඔහුට පාරට බැස්සවිය නොහැකි බවත් ඒ…

Read More

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!

Ahnaf Jazeem Navarasam Sri Lanka Young Journalists Association

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ  රදවාගෙන සිටින අහ්නාෆ් ජසීම් ට මීයකු සපාකා ඇති බව සිය සංගමය වෙත වාර්තා වී ඇති බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමසීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ වෙත මාර්තු 29 දින යොමු කළ එම ලිපිය මගින් මාධ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ…

Read More