වසර දෙකක් නඩු නැතිව හිරේ සිටින 63 ක් නැවත රිමාන්ඩ්.

pasku

දෙවසරකට ඉහතදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන් දෙනකු  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට  මඩකලපුව  අධිකරණය  නියෝග කර තිබේ. මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලා ලා තිබීම හේතුවෙන් සැකකරුවන් හැට තුන්  දෙනා   ශාරිරික ලෙස  අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ අතර විනිසුරුවරයා වීඩියෝ  තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවා ඇත. එහිදි මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන්  නියෝග කර ඇත්තේ සැකකරුවන්  ඔක්තෝබර් 28   වැනි දා  දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය. පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ  මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති   සහරාන් හෂීම් සමඟ…

Read More

දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද  (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක් නව ඇරඹුමකට සවියක්’ තේමාව යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ගොවීන්ගේ පොහොර ගැටලුව නිසා සමස්ත ගොවිජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි. මාධ්‍යවේදීන්: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් තුමාටත් ඔබතුමාටත්…

Read More