රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්

Rishad Bathiudeen rushdhie habeeb Attorney General

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා පවසයි. ඔහු බව කියා සිටියේ සමස්ත ලංකා මහජන කොංග්‍රස විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා, ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් කර ඇති අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන අපට ගැටළුවක් තියෙනවා.…

Read More

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති

MP Rishad Bathiudeen allowed to sit in Parliament

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා  සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදිය. ඒ අනුව මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති…

Read More

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව, පුත්තලම, කොළඹ ආදී ප්‍රදේශ වල විරෝධතා රැසක්ද පැවැත්විණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ් සිය සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. එහිදී ඇය විසින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම්…

Read More

රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්

Rishad Bathiudeen arrested easter attack sri lanka

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ ඊයේ (24)  අලුයම් කාලයේදීය. ඒ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබුණේ මොවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවය. මේ අතර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More

පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.

president gotabaya rajapaksa current political situation

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සිදුවන සිද්ධීන් පිලිබඳව, දේශපාලන වේදිකාවේ හුවමාරු වන අදහස් ගැන කථා කරන්නට බොහෝ විට යොදා ගන්නේ බිම් මට්ටමේ අවස්ථාවන්ය. ඒ අවස්ථාවේදීත් ඔහු කියන්නට ඕනෑ දෙය සෘජුව පවසන්නේය. ආයේ වංගු කථා නැත. එමෙන්ම ඔහු බොහෝ තීන්දු, තීරණ රටට දැනුම් දෙන්නේද මේ බිම් මට්ටමේ පවතින වැඩසටහන් වලදීය. ඒ් අතර ගම සමඟ පිලිසදරක් විශේෂ තැනක් ගන්නේය. ජනාධිපතිවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනට ඊයේ (14) එක් විය. එහිදී ඔහු කථා කළේ පහුගියදා විපක්ෂයේ…

Read More

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!

Rear Admiral Sarath Weerasekara Burqa and Madrasa schools banned

පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරිමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීර‍සේකර මහතා පවසයි. ඊයේ (10) දින පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාර සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුනත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ෂණවලින් පැහැදිලි වෙන බවත් පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වු  නමුත්  ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රහාරය වළකාලීමට…

Read More

“පාස්කු වාර්තාව” පුස්ස බින්දා වගේ වැඩක්! – අලුත් පියාපත් කියයි

easter attack presidential commission aluth Piyapath

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකා නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය රජයට අවධාරණය කර සිටියි. 2019 සැප්තැම්බර් මාසයේ පිහිටවපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ මූලික අරමුණු වුයේ මෙහි පිටුපස සිටිමින් මෙහෙවුයේ කවුද යන්න අනාවරණය කර ගැනීම, සැලසුම් කළේ කවුරුද, වළක්වා නොගන්තේ මන්ද, මෙයට සහාය වුවෝ කවුරුද යන්න සොයා බලා ඒ වැරදිකරුවන්ට ද්‍රඩුවම් ලබා දෙමින් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරිමට සහ ඉදිරියේදී මෙවැනි දෙයක්…

Read More

“කුරුණෑගල හිටපු SSP කොමිසම වෙත ලබා දුන්නේ අසත්‍ය ප්‍රකාශයක්!” රිෂාඩ්ගේ නීතිඥවරයා කියයි.

Rishad Bathiudeen easter sunday bombings

වෛද්‍ය සාෆි ඇම මත මුදා හැරුණු දින රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කර සැපෙන් ඉන්නවදැයි ඇසු බව  කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් පෙරේදා (13) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බ්නධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේදී දෙනු ලැබූ සාක්ෂිය සම්ර්‍පූර්ණයෙන්ම අසත්‍යයක් බව රිෂාඩ් බදියුදින් මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඔහුගේ නීතිඥ රුෂ්ඩ් හබීබ් මහතා මගින්  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමට දන්වා ඇත්තේ  කුරුණෑගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක මහතා විසින් ජනාධිපති කොමිෂම ඉදිරියේ සාක්ෂි දෙමින්, රිෂාඩ් බදියුදීන් දුරකථන මාර්ගයෙන් හෝ…

Read More