IMF එකට අවශ්‍ය ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රජයට කරන්න බෑ

Read More

රාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න

මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා. ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා එක්ක එකතුවෙලා වැඩ කරන්න. ලෝකය විතරක් නෙවෙයි. මේ රටේ ජනතාවත් ඒකට කැමති නෑ. ඉතිං, අපි මුලින්ම මේ අර්බුදයෙන් ගොඩඒමේ පදනම හදාගන්න රාජපක්ෂලාට යන්න කියන්නම වෙනවා. ඒකයි, මම කියන්නේ ප්‍රශ්නය ඇති කරපු ගෝඨාභය ජනාධිපතිවරයා එක්ක මේක විසඳන්න බෑ කියලා. රාජපක්ෂලා ආරක්ෂා කරගනිමින් රට ගොඩනගන්න යෑම තවත් විහිළුවක් වෙනවා. මම ලෝකයේ ප්‍රධාන රටවල් සහ ආයතන සමග සාකච්ඡා…

Read More

නව මුදල් ඇමති ගෝඨාභය

Gotabaya Rajapaksh

මුදල් අමාත්‍යවරයෙක් සොයාගන්නා තෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම පත්වීමට අදාළ නිළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇත. මෙම ආර්ථික අර්බුදය හමුවේ රටේ වැදගත්ම අමාත්‍යාංශය වන මෙම අමාත්‍යාංශය සඳහා පත්වන්නේ කවුද යන්න පිළිබඳව පසුගිය කාලයේදී දිගටම මාධ්‍ය ප්‍රශ්න කළ අතර, රජයේ ආරචි මාර්ග ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය සඳහා අමාත්‍යවරයෙක් පත්වෙන තුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය. එමෙන්ම සජබ මන්ත්‍රීවරුන් වන ආචාර්‍ය හර්ෂ ද සිල්වා සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන් ගෙන් කෙනෙක් හට මෙම ධුරය ලැබීමේ ඉඩක් තිබෙන…

Read More

මම භාරගැනීමට සූදානම්…!

Harsha de Silva is ready to face the government

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි. කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු. මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක්…

Read More

මා ජනතා මතයෙන් පිට හදන අලුත් පාලනයට එක්වන්නේ නෑ

Member of Parliament Dr. Harsha de Silva

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ  ද සිල්වා  ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයි දැයි  බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇති වූයේ කෙසේදැයි කෙටියෙන් සඳහන් කළ යුතුය. මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය සහ වත්මන් ගෝඨා ආණ්ඩුවේ අමනෝඥ තීරණ සහ උද්ධච්ඡ කමයි. රට ගැන හිතනවාට වඩා, ආර්ථික වැඩපිළිවෙළක්  සහ ප්‍රතිපත්තියක් ගැන හිතනවාට වඩා බලයට කෑදරකමින් බලය සහ වරප්‍රසාද ඩැහැගන්නා ගේම් දේශපාලනය දැන් මෙරට දේශපාලන සංස්කෘතියයි. මොවුන් තට්ටු මාරු ක්‍රමයට මේ බලය විවිධ සරුවපිත්තල…

Read More

සජබ විරෝධතාවයට විශාල ජනතාවක් කොළඹට

sjb meeting today

සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගර‍යට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ බලා නෙක ප්‍රදේශවල සිට ධාවනය වෙමින් තිබෙන බවයි. මෙම පා ගමන පිළිබඳව සිය ෆේස්බුක් ගිනුම හරහා අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියාසිටින්නේ පස්වරු 1ට මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිටින් සහ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වෙන බවය.

Read More

කබ්‍රාල්, රට ගොනාට අන්දන්න එපා ! – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

harsha de silva

රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා පැවසීය. ‘නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල. අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියෙන්න අවශ්‍යයි. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය…

Read More

අපිට ඩොලර් කඳු ගහන්න පුලුවන් – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය මත පදනම්ව ආර්ථිකය හසුරවමින් විදෙස් සංචිත විශාල වශයෙන් ගොඩනඟා ගන්නට සමගි ජන බලවේගය සතුව දියුණු ආර්ථික වැඩපිළිවෙලක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ මැයෙන් සජබ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති කාලයට ගැලපෙන අයුරින් සකස්විය යුතු බවය. රටේ පොදු ජනතාවට සෙත සැලසෙන ලෝකය සමග ගමන් කරන ආර්ථික ප්‍රතිපත්තියක් තම පක්ෂය සතු බවද එම වැඩපිළිවෙලට අනුව වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මගින් රට ගොඩනැගීමට සැලසුම් ඇති බවද ප්‍රකාශ කරන ඒ මහතා…

Read More