රුපියල් ඉහළ යයි

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවි තුළ අද ප්‍රසිද්ධ කර තිබුණ අයුරු දැකගත හැක. කෙසේ නමුත් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.

Read More

රුපියල ලොව බාල්දුම මුදල් ඒකකය වේ!!

world pooresr rupeee

ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත. එසේම 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බවත් එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් පහත වැටී ඇති බවත් එම වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දී ඇත. එනම් වඩාත් බාල්දුම මුදල් ඒකකය ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව මුල් තැන ගෙන ඇත. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඝානාවත්, තෙවැනි ස්ථානයට ඊජිප්තුවත්, සිවුවැනි ස්ථානය සඳහා රුසියාවත්…

Read More

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට ඉදිරිපත් කළේය. ඒ අනුව 077-7414241 යන දුරකතන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙස ද ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පැවසීය. බෝහෝ දුරට ඉන්ධන හිඟයට විසඳුම් ලබෙන බවද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

Read More

බෙහෙත් නෑ, ඔපරේෂන් නවතී

බහෙත් වර්ග සහ ශල්‍යකර්මවලදී අවශ්‍ය වන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල සිය ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ. අනෙකුත් බොහෝ රෝහල් තුළ ද අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි හිඟයක් පවතින බව වාර්ථා වෙන අතර මෙම හේතුව නිසා රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයන් වලට ලක්වී ඇත. ඩොලර් හිඟය සමග මෙම තත්ත්වය උදාවී ඇති අතර ඉන්දීය ණය ආධාර මත බෙහෙත් වර්ග රෝහල්වලට ලැබෙන වා යැයි කීවත් තවමත් එම ලැබෙනවා කියන ඖෂධ තොග ලැබී නැත.

Read More

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?

power cuts increased

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වනවිට වැස්ස නොමැතිකම නිසා සහ අධිකව ජල විදුලිය නිපදවීම නිසා ජල විදුලි බලාගාර පිහිටි ජලාශවල ජල මට්ටම් පහත බැස ඇති අතර මේ නිසා මෙම විදුලි කප්පාදුව ස්ථිර වශයෙන්ම කරන්නට සිදුවෙනු ඇතැයි ලංවීම එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයේ වෙනසක් සිදුවීමට නම් තද වැසි එම බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ඇතිවිය යුතු බවත්…

Read More

අද සිට ෆාමසිවලට ඖෂධ නොයයි

මහබැංකුව රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග ඖෂධ ආනයනකරුවෝ ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නතරකර දමා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය තුළ ෆාමසි 4000ට පමණ අවශ්‍ය ඖෂධ නොයන බව දැනගන්නට ලැබෙන අතර ඖෂධ මිල ගණන් වැඩි කිරීමට අවස්ථාව වහාම ලබා දෙන්න යැයි ඖෂධ ආනයනකරුවෝ ඖෂධ සැපයීම්, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. මේ අනුව රාජ්‍ය ඇමැතිවරයා සමග අද (9) ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කරනු ලබන බව දැනගන්නට ලැබෙන අතර තමන් ඉල්ලන ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75…

Read More

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?

පවත්නා ඩොලර් අර්බූදය සමග අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය ද නතරවෙනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. එම වාර්ථාවන් ප්‍රකාශ කරන්නේ, ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් මාසිකව ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වන්නේ නම් ඖෂධ ආනයනය නතර වනු ඇති බවය. තත්ත්වය මෙසේ තිබියදී පෞද්ගලික ඔසුහල් හිමියන්ගේ සංගමය සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරන්නේ මෙම බෙහෙත් ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීමට මහබැංකු අධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා සති දෙයක් ගතවී ඇතැත් තවමත් අවශ්‍ය ණයවර ලිපි නිකුත් කර නැති බවයි. මේ…

Read More