උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!

disappeared missing persons Northern and Eastern Women's Day

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ. කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින්  විරෝධතා පා ගමනක් ආරම්භ කර මුලතිව් නගරය මැදින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙක්  පැමිණ විරෝධතා දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් පැවැත්වු විරෝධතාවයේදී ඔවුන් ලක් රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටියේ වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම…

Read More

“වසන්ත කරන්නාගොඩගේ පෙත්සමේ කරුණු තවදුරටත් අධ්‍යයනය කරනවා” – නීතිපති

Attorney Generals Department Wasantha Karannagoda

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මේ බව අධිකරණය දැනුම් දුන්නේය. තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔප් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ බව කියා සිටියාය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන…

Read More

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!

gotabaya rajapaksha missing persons in sri lanka

“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  පෙබරවාරි  25 බ්‍රහස්පතින්දා හින්දු පුවත්පතට පවසා ඇත්තේ “මෙම ගැටලුව නිමාකරමින් එම පවුල්වලට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා සැබවින්ම අධිෂ්ඨාන කරගෙන සිටින” බවයි. වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් මුලික කරගත් උතුරු නැගෙනහිර දෙමළ පවුල් වල ජනයා වසර හතරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවල යෙදී සිටිති. දෙමළ, මුස්ලිම් ජනයාගේ…

Read More

අතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!

disappeared in sri lanka

වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය  ආරම්භ වී ඇත්තේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කොට අවුරුදු හතරක් පිරෙන 20 සෙනසුරාදා උදෑසන නමයටයි. කිලිනොච්චියේ ගණදෙවි කෝවිල අසලින් ආරම්භ වුනු පා ගමන A9 මාර්ගය ඔස්සේ ගමන් කොට කන්දසාමි කෝවිල අසලින් නිමාවී තිබේ. රට තුල ඉටු නොවන යුක්තිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස විරෝධතාකාරියෝ සටන් පාඨ හඬ…

Read More