CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

CID works illegally committee for protecting rights of prisoners

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ” කටයුතු කර  තිබෙන බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ බව සදහන් කළේ ජුනි 16 බදාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. නීතිඥයා‌ පවසන පරිදි පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් පල්ලේවත්ත ගමගේ  චමින්ද දිල්රුක් යන සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් කර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Read More

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රැඳවියන් 260කට පොදු සමාව!

General pardon for 260 prison inmates lohan ratwatte minister

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ 2002න් පසුව මෙවැනි සහනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය යැයි මහනුවර මහයියාවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය. වෙසක් පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් නිදහස හිමිවූ 260 දෙනා අතුරින් 53 දෙනෙකු මේ වන විට නිදහස ලබා පිටත් වූ බවත් සෙසු පිරිස ඉදිරියේදී නිදහස් වන බව අමාත්‍යවරයා සදහන් කළේය. බන්ධනාගාරගත වන…

Read More

එදා මහර කැරැල්ලට පෙර තිබූ තත්වය අද අඟුණකොළපැලැස්සේ!

Complaint to Human Rights Commission fundamental rights of inmates at Angunakolapelessa Prison!

බන්ධනාගාර කොවිඩ් පොකුරක් මෙවරද නිර්මාණය වී ඇති අතර වැඩිපුරම ආසාදිතයින් සිටින්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේය. මේ වන විට එහි හැටකට වැඩිය පිරිසක් ආසාදිතව සිටිති. ඒමෙන්ම එක් රැඳවියෙකු මිය ගොස් තිබුණේද මේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙනි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ඉකුත් 02 දා විරෝධතාවයක් සිදු කළේ ඔවුන්ට PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් තෝරාගත් පිරිසකට PCR පරික්ෂණ සිදු කර ඇත. එහිදී ආසාදිතයින් 60 කට  ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබුණි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසන්නේ මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ ගැටලු රැසක් ඇති…

Read More

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස

Prisoners protest in prison Angunakolapelessa Prison

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. එසේම පහුගිය 02 දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවයක් පැවැත්විණි. ඒ කොවිඩ් ආසාදිතයින් අඟුණකොළපැලැස්ස බන්ධනාාගරයට රැගෙන එන බවත් ඒ නිසා ඔවුන්ටත් PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 26 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබූ අතර ඉන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට…

Read More

බූස්සේ වධබන්ධන වලට එරෙහිව පැමිණිල්ලක්!

commissioner of prison committee for protecting rights of prisoners

පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් බුස්ස බන්ධනාගාරයේ සිරකරුවන්  දිගින් දිගටම විශාල වධ හිංසනයකට ලක් කරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරයි. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා විරෝධතාවයක් පවත්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  තුෂාර උපුල්දෙනිය වෙත සන්දේශයක් භාර දීමෙන් අනතුරුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අගනගරයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ රැඳවියන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවයි. බුස්ස බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර කිහිපයක පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් යොදවා සිරකරුවන් වධ හිංසනයකට ලක් කිරීම හෙලා දකින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම්…

Read More

වෙඩි තියන තැනට නොසන්සුන්තාවය හැදුවේ බන්ධනාගාර නිළධාරීන්!

committee for protecting rights of prisoners mahara prison mosque

මානව හිමිකම් ක්‍රියාකාරික සුදේශ් නන්දිමාල් සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමේදී අද තියෙන තත්වය ගැන මොකද හිතන්නේ ? බන්ධනාගාරය තුළ තිබෙන වධහිංසා තදබදය මෑත කාලයේ පටන් ගත්ත එකක් නොවේ එය ඈත අතීතයේ සිටම පවතින එකක්, අපිට ඒ ගැන කතා කරද්දී මතකයට නැගෙනවා නිමල රුවන්ලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරද්දී අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි ඔවුන්ට සළකපු හැටි. එම සිරකරුට නොයෙකුත් වධහිංසා කරලා අන්තිමේදී ඔහු ඝාතනයට ලක්කරා. මේ සියල්ලටම සම්බන්ධ වූ අයෙක් වර්තමාන බන්ධනාගාර අධිකාරියේ ද සිටිනවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරය තුළ  අගුනකොලපැලැස්ස බන්ධනාගාරය තුළ අමානුෂික ලෙස සිර කරුවන්ට කෙරෙන වධහිංසා පිළිබඳ වීඩියෝ පට…

Read More

බන්ධනාගාර ගත වන පිරිස ඉහළට!

prisoners in sri lanka statistics

2019 වසරේ බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාව 144,489 කි. ඒ අතර පිරිමි පුද්ගලයින් 137,923 ක් හා ගැහැනු පුද්ගලයින් 6566 ක් වන අතර බාලයින් 30 කි. මේ ප්‍රමාණය 2013 වසරේ සිට 2019 වසර දක්වා සසඳා බැලීමේදී 2019 වසරේ බන්ධනාගාර ගතවූවන් ඉහළ ගොස් ඇත. මෙහිදී ආරක්ෂාව මදිකම නිසා හෝ නඩු විභාගය තෙක් හෝ ආරක්ෂාව පතා බන්ධනාගාර ගත වීම් 115,325 කි. මේ ප්‍රමාණයද පහුගිය වසර 07 හා සලකා බැලීමේදී 2019 වසරේ බන්ධනාගාර ගත වූ සංඛ්‍යාව වැඩිය. එමෙන්ම 2019 වසරේදී දඬුවම් ලැබීම සඳහා බන්ධනාගාර ගත වූවන් 29,164 කි. බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් 183 කු මිය…

Read More

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

prisoners 165 deaths in 2019 Department of Prisons

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත. එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11…

Read More

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!

boossa prison Prisoner Rights Protection Committee

මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත්  සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන  සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…

Read More

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,

government analyst department ali sabry

කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 100 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුවතක් අප වෙබ් අඩවිය තුලින් වාර්තා කර තිබුණේ පහුගිය පෙබරවාරි  14 දාය. එකී පුවතට අනුව මෙම තරුණයා 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පාලන පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරමින් 2020 ඔක්තෝබර් 16 වන දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට මොහුව ඉදිරිපත්…

Read More