කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවිඩ් 19’ සඳහා…
Read MoreTag: covishield vaccine side effects
හොඳටම කළේ අපි ද?
දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවත් ඒ අනුව දිවයින පුරා එන්නත්කරණය සිදුකරනු ලබන මධ්‍යස්ථාන වෙත ගොස් එම මධ්‍යස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන සෞඛ්‍ය අංශවල නිළධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා එන්නත්කරණය නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම මෙන්ම රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා පැමිණෙන තරුණ ප්‍රජාව ඇතුලු ජනතාව දිරිමත්…
Read Moreවසංගත පාලනය හා මහජන මූල්‍යාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 286 ක් වැය කර තිබෙනවා.
කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු අදියරේදී පවුලකට රුපියල් පන්දහසේ මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක් ද සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක මුදලක් වැය කර ඇතැයි ද ඒ මහතා කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (05) පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.…
Read Moreකොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව පමණයි!
කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුවන්නේ ජාත්‍යන්තරය තුළ පවතින අධික ඉල්ලුම නිසා මිස මුදල් හිඟතාවයක් නොමැති නිසා යැයි ද අමාත්‍යවරයා කීවේය. මහනුවර මහයියාවේ සිදුවන එන්නත්කරණ කටයුතු නීරීක්ෂණය සඳහා සහභාගි වූ අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය. අධික ඉල්ලුම හේතුවෙන් එන්නත් හිඟයක් මතු වී ඇති නමුත් කොරෝනා පාලන එන්නත්කරණ ජාතික කමිටුවේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ලෝක සෞඛ්‍ය…
Read Moreසමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….
මා අද උදෑසන dailyreporter.lk ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන “රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි” යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත පරිදියි. “උන්වහන්සේගේ අපවත් වීම හදකම්පා කරවුවද, කොවිඩ් වෛරසයෙන් උන්වහන්සේ අපවත් වීම නිසා උන්වහන්සේගේ නිසල දේහය චිතකය වෙත රැගෙන යනු ඇත්තේ උන්වහන්සේ සැමදා ආදරය කල පීඩිත මිනිසුන් විසිනි. එසේ නොවුනේ නම් උන්වහන්සේගේ දේහය රැගෙන යනු ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ අමු ජාතිවාදීන් පිරිසකගේ කරමතිනි.” (සම්පූර්ණ ලිපිය කියවීම සදහා https://www.dailyreporter.lk/baddegama-samitha-himi/ ) නමුත් අද සවස් වන විට ආරංචි වූ…
Read Moreඑන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන – මනුෂ නානායක්කාර
ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබාදී නොමැති බවත්, දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් ඒ මහතා කියා සිටියි. ආණ්ඩුව එන්නත ඇනවුම් කිරීමේ තැන සිටම අනාගෙන සිටින බවත් ලෝකයේ අනික් රටවල් එන්නත් ලබාගැනීමට කටයුතු කළාට පසුව මෙරට එන්නත් මිලදී ගැනීමට ඇණවුම් කරනවිට මිලදී ගැනීමට එන්නත් නැතැයිද ඔහු පෙන්වා දෙයි. ඇස්ට්රසෙනිකා එන්නතේ…
Read More“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි
මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත ලිපියක් යොමු කරමින් ඒ බව දැනුම් දී ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් විසිනි. ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිශ්පාදිත කොවිඩ් 19 එන්නත අලෙවි කිරීම සඳහා බොහෝ පෞද්ගලික වෙළඳුන් සහ ආයතන ශ්‍රී ලංකා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති හෙයින් මෙම…
Read MoreCOVID 19 එන්නත් කිරීමේ නියත විවරණ ලැබීම!
ශ්‍රී ලංකා රජයට ලැබෙන ලෝක බැංකු ආධාරකයක ශිෂ්‍යත්ව ප්‍රතිලාභිනියක ලෙස මම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන විට පසුගිය මැයි 18 වන දින මෙරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) කෙටි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ පහත දැක්වෙන ඉංග්‍රීසි ප්‍රකාශන යේ සිංහල අනුවාදනය වේ; “හිතවත් වාසල සමරකෝන්. මෙම පණිවිඩය, covid 19 වෛරසය මර්ධනය කිරීමේ එන්නත ලබාගැනීම සමඟ බැඳේ. එන්නත ලබාගැනීමට අදාළ වන වයස් කාණ්ඩය ට අයත් වීම හේතුවෙන්, ඔබට එන්නත ලබාගැනීමට අරධානා කරන අතර ඒ සඳහා ලියාපදිංචි වීමට ජාතික සෞඛ්‍ය සේවාව වෙත පිවිසෙන්න….” පසුව එය ලිපියක් ලෙසද පැමිණුනි. මෙම පණිවිඩය මා වෙත ලැබෙන අවස්ථාව වන…
Read Moreජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!
ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පවසයි. කොවිඩ් වසංගතයේ පහුගිය සමස්ත ක්‍රියාදාමය පිලිබඳවම ඉතා හොඳ සමාලෝචනයක් කිරීමට ජනාධිපතිවරයා නිහතමානී විය යුතු බවත් එහිදී ඇති වී ඇති ව්‍යාකූලත්වය, අපේක්ෂා භංගත්වය ඇති වීමට හේතු දුන් සාධක සෙවිය යුතු බව ඒ මහතා කියා සිටියි. එහිදී මඟ හැරුණු තැන්, අඩුපාඩු තැන්, දුර්වලතා තේරුම් ගත හැකි බවත් ඒ…
Read Moreජනාධිපතිතුමා, ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය
අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල සිටින බැවින් එම දොස්තර ලාංඡනය වෙනත් පුද්ගලයන් සාවධ්‍ය ලෙස පාවිච්චි කරන බවයි. ජනාධිපතිතුමා කතා කලොත් එතුමාගේ නොදැනුවත්කම පෙන්වයි. එක්කෝ එතුමාගේ උපදේශකයන් එතුමාට නිවැරදි නොවන උපදෙස් ලබා දෙන්නන්. එහෙම නැත්නම් ඇතැම් අවස්ථා වල එතුමාගේ උද්දච්ච කම පෙන්වයි. එයනම් එතුමාගේම ප්ර්ශ්නයකි. ජනාධිපතිතුමා නොදන්නා දේ හෝ එතුමාට පඩි ලබන හෝ නොලබන උපදේශකයන් කියා නොදෙන දේ කියා දීම පුරවැසි…
Read More