සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් රෝගීන් අමාරුවේ!

Health sector on strike Ministry of Health

සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා  සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පියවර ගන්නා ලදි. ඒ අනුව වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කර තිබුණි. මෙම වෘත්තිය ක්‍රියා මාර්ග පිළිකා රෝහල්, මාතෘ රෝහල්, ළමා රෝහල් වල කිසිඳු අයෙක් සහභාගි…

Read More

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!

Health staff ready for trade union action against authorities

වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ  ඉල්ලීම්වලට බලධාරීන් නිසි  විසදුම් ලබා  නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය හමුවේ රටේ ජනතාව ලක්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමට නිශ්චිත සැලැසුමක් මත, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ ඒ සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි. සෞඛ්‍ය සේවාව එම අවශ්‍යතාව සදහා පෙළගැස්වීම වෙනුවෙන් ඉල්ලීම් හා යෝජනා 15 සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු…

Read More

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?

Health sector on strike covid situation in sri lanka

කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ  වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය අංශ සිටින්නේ දැඩි අවදානමකය. ඔවුන් හට කොවිඩ් ආසාදිතයින් හා ගැටෙමින් කටයුතු කිරීමට සිදුව ඇත. එමෙන්ම පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීමට සිදුව ඇත. මේ සියලු කටයුතු වලින් පසුව ඔවුන් නිවෙස් වලට ගොස් දරුවන්, සැමියන්, මව්වරුන් සමඟ කාලය ගත කිරීමට සිදු වේ. මේ සියලු කරුණු වලදී අවදානමක් සෞඛ්‍ය සේවකයා වටා ඇත.  මෙහි ආසන්නතම සිදු වීම වාර්තා වුයේ…

Read More

සෞඛ්‍ය අංශ වල කට වැසීමක්?

Health staff in sri lanka Ministry of Health

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතයත් සමඟ මේ වන විට දිවයිනේ රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම තත්ත්වයත් සමඟ රෝහල් වල විවිධ අඩුපාඩු, විවිධ අවශ්‍යතා මතු වෙමින් ඇත. පහුගිය දිනෙක කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලබා දිය හැකි පරිත්‍යාගයක් රෝහල් වලට ලබා දෙන ලෙසටය. මේ අතර ගම්පහ රෝහලේ පෙනහළු පිලිබඳ වෛද්‍යවරයෙක් කොලඹ විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කළ ලිපියකින්ද කියා තිබුණේ ගම්පහ රෝහලේ පවතින අවදානම් තත්ත්වය පිලිබඳවය. එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වීමත් සමඟ අමාත්‍ය සුර්ශනී…

Read More

තොරතුරු වසංගතයට එරෙහිව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙහෙයුමක්!

Health Promotion Bureau current covid situation in sri lanka

කොරෝනා  වසංගතය ලොව පුරා පැතිර යද්දී ඒ හා සමාන ව්‍යවසනයක් ඇති කරමින්, covid-19 සම්බන්ධව සාවද්‍ය තොරතුරු  ද වසංගතයක් මෙන් පැතිර යමින් පවතී. සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු ලබා ගැනීම පහසු වී පැවතියත්, නිවැරදි තොරතුරු වලට වඩා අසත්‍ය තොරතුරු ඉතා ඉක්මනින් සමාජගත වීම හේතුවෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයටත් කරදරයටත් පත් වේ. මේ අවස්ථාවේදී නිවැරදි තොරතුරු හරියාකාරව තෝරාගැනීම මෙන්ම වැරදි තොරතුරු සමාජ ගත වීමට ඉඩ නොදීම අප සියලු දෙනාගේම යුතුකමක් බව පෙන්වා දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඔබ දැනගත යුතුම කරුණු හයක්  ෆේස්බුක් සමාගම සමග  එක්ව ගෙන ඒමට  තීරණය කර තිබේ. පහතින් දක්වන්නේ මෙලෙස…

Read More

හැමෝටම ආපහු එන්න පුලුවන් වැඩසටහනක් අවශ්‍යයි!

sri lankan migrant workers Harini Amarasuriya NPP

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හරිනි අමරසූරිය මර්දනය කැඳවා ගන්නේ අපි අපි හරියට ප්‍රශ්නෙ තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි, අපේ ඉතිහාසය තුළම රාජ්‍ය පිහිටවෙලා තියෙන්නෙ එහෙම නැත්නම් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කා වෙනුවෙන් ද කියන එක ගැන අපි හිතන්න ඕනේ. අපේ රාජ්‍ය ව්‍යුහය, රාජ්‍ය ස්වභාවයම තියෙන්නෙ බලවතුන්ව ආරක්ෂා කරන තැනක. ඒක පිළිගන්න සමාජයක් අපි තුළ තියෙනවා.  එතකොට  අර බලවතුන් එක්ක තියෙන සම්බන්ධතාවය හරහා තමයි අපිට යුක්තියක් ළඟා කරගන්න පුලුවන් කියන එකතමා පොදුවේ හිතන්නේ, නැත්තං අපිට පුරවැසියන් හැටියට කෙලින්ම අයිතියක් තියෙනවා යුක්තිය වෙනුවෙන්, යුක්තිය ඉල්ලා සිටින්න කියන ඒ ආකල්පයක් අපේ තුළ නැහැ කියලා මට හිතෙනවා.…

Read More

බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ අනතුරු ඇඟවීම්…

brazilian new covid variant

බ්‍රසීලයේ P1 යනුවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතී. විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරීමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවයි. වෛද්‍ය Roberto Kraenkel පවසන්නේ බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය පාලනය නොකළහොත් එය කොවිඩ් වෛරසයට එරෙහිව සිදුකරනු ලබන ගෝලීය සටනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. මේ වන විටත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 15 කින් වාර්තා වී ඇති බවයි වාර්තා වී ඇත.

Read More

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

Keheliya Rambukwella tna members covid vaccine

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…

Read More

ලංකාවෙන් කොරෝනා ප්‍රභේද 26 ක් හමු වෙයි.

දැන් නිතරම පාහේ අපට ජන මාධ්‍ය මඟිනුත්, එදිනෙදා ජිවිතයේදීත් වඩාත්ම සමීප වචනය බවට පත්ව ඇත්තේ කොරෝනාය. ඒ් තරමට මේ ගෝලීය වසංගතය දැන් ත්‍රස්තවාදයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැමිණ වසරකුත් ගෙවී යන මේ මොහොතේ  අප දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. මේ වන විට ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවන් 75,600 ඉක්මවා ගොස් ඇත. මරණ 397 ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මේ වන විට ලංකාව තවත් ගැටලුවකට මුහුන දෙමින් සිටියි. ඒ් මේ කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද දිවයිනේ තැනින් තැන වාර්තා වීම නිසාය. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී…

Read More

“ලෝකයට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාවට කාන්තාවන් අවශ්‍යයි” – එක්සත් ජාතීන්

International Day of Women and Girls in Science United Nations

කොරෝනා වසංගතයෙන් ලෝකය බේරා ගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කර ඇති කාන්තාවන් විද්‍යා ක්ෂේත්‍රයේ රැකියා වලින් කොන් කිරීමට එරෙහිව මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබේ. අදට යෙදී ඇති විද්‍යාවේ නිරත කාන්තාවන් හා දැරියන්ගේ ජගත් දිනය නිමිතිකොට “ලෝකයට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාවට කාන්තාවන් අවශ්‍යයි” මැයෙන් එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ ගතානුගතික සමාජ සම්මත විසින් විද්‍යා, තාක්ෂණික, ආර්ථික විද්‍යා හා ගණිත (STEM) ක්ෂේත්‍ර වල කාන්තාවන් වෘත්තිකයන් වීම වලක්වා ඇති බවයි. නිවේදනය මෙසේයි: “අපගේ අනාගතය සලකුණු වන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මඟින් බව දැනට පවතින වසංගත තත්වය…

Read More