2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read MoreTag: commissioner of labour
ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී
ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්, ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58…
Read Moreවතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…
Read Moreපෞද්ගලික අංශයේ සේවකයින් ගැන සලකා කාර්මික ආරවුල් පනත සංශෝධනයට
කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරිමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුල මනා සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ කාර්මික අංශය විසින් විවිධ පනත් හඳුන්වා දී ඇත. ඒ අතර 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතද වේ. පෞද්ගලික අංශයේ යම් සේවකයෙකුගේ සේවය අවසන් කෙරෙන්නේ මෙම පනත අනුවය. නමුත් මේ පනත මෙතෙක් කිසිඳු සම්මුතියකට යටත්ව තිබුණේ නැත. ඒ පිලිබඳ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කියා තිබුණේ මෙසේය. මෙම පනතට පූර්වප්රාප්තිය වන්නේ කාර්මික ආරවුල් වලක්වා ගැනීම, විමර්ශනය සහ විසඳීම සඳහා බවය. කර්මාන්තයේ ආරවුල්වල “අවසන් කිරීම” යනුවෙන් හැඳින්වෙන්නේ…
Read Moreබියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!
බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…
Read Moreසේවක අර්ථසාධක අරමුදල් නොගෙවන ආයතන වලට 2021 සිට වැඩ වරදියි.
කම්කරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. සේවකයා රැකියාව කරන කාලය තුල මේ මුදල ඔවුන්ගේ ගිණුමට බැර නොකරන හාම්පුතුන්ද තවමත් අප අතර සිටිති. එය කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මේ නිසා සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය කරමින්,එම දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් මේ වසරේ දි නොදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදීත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ මුදල් වංචා කිරීමක් බව…
Read Moreබේරුම්කරණ පරීක්ෂණ මාස 03 ක් තුල අවසන් කළ යුතුයි! – කම්කරු ඇමති කියයි.
කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ හේතු හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරීක්ෂණ මින් පසු මාස තුනක් ඇතුලත අවසන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේම මින් ඉදිරියට එම බේරුම්කරණ පරීක්ෂණ කොළඹට කැඳවීම වෙනුවට ඒ පාර්ශවයන්ට පහසු ප්‍රදේශවල කම්කරු කාර්යාලවල පැවැත්විය යුතු බව ද ඇමතිවරයා අවධාරණය කළේය. කම්කරු ආරාවුල් බේරුම්කරණය සඳහා පත් කළ නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා ඊයේ (12) කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.…
Read More