ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

Freedom of expression and the plague in sri lanka

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු බවත් ඊට ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතු බවත් සිවිල් සංවිධාන 54 ක් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 72 කු විසින් කියා සිටියි. ඔවුන් මේ බව කියා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා…

Read More

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

Do not touch the freedom of speech and expression Journalists for rights

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මේ බව පවසා ඇත්තේ දිගින් දිගටම සිදුවන මාධ්‍ය මර්ධන ක්‍රියාවලිය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමිනි. එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් කේ. සංජීව, ජයනි අබේසේකර හා නීතිඥ දුලාන් දසනායක  විසින්…

Read More

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට නව ආකාරයක තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මියගේ හා ලේකම් ලසන්ත ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම අත්තනෝමතිකව හා බලහත්කාරීව සිදු වූ…

Read More

චමිල ජයසිංහ රිමාන්ඩ් කිරීමේ පොලිසියේ උත්සාහයට අධිකරණය හරස් වෙයි.

Chamila Jayasinghe released on bail

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත. පොලීසිය විසින් සිංහරාජයේ වන සංහාරයක් ගැන අසත්‍ය ඡායාරූප ඇතුලත් පෝස්ටුවක් සිය ෆේස් බුක් ගිණුමේ පළ කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ කලේ යැයි යන චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි. අධිකරණයේදී චමිල් ජයසිංහ මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන මංජු ශ්‍රී චන්ද්‍රසේන, නලීන් වීරකෝන්, තිසර චාමර, මන්ජුල පතිරාජ,…

Read More

ෆෙස්බුක් ඡායාරූපයකට ක්‍රියාත්මක නීතීය, අසත්‍ය පැවසූ යු ටියුබ් නාලිකාවට නැතිද?

Chamila Jayasinghe arrested by the CID Vishwa Derana

කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව  නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය. මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය ඇති වන අයුරින් මුහුණ පොතේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ බවට චෝදනා කරමිනි. මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ හතලිස් දෙහැවිරිදි චමිල ජයසිංහ නම් රජයේ නිලධාරියෙකි. මොහු ඌව පරණගම හිටපු ප්‍රාදේශිය ලේකම්වරයාය. මොහු සිය මුහුණුපොත හරහා වන විනාශයක් ගැන සඳහන් වෙන ඡායාරූප පළ කර ඇති බවත් ඒවා අසත්‍ය  බවත් විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඒ ඡායාරූප සාමාන්‍ය ඉඩමක්…

Read More