නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!

Recruitment of Attorneys to the Police

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පහුගිය 11 දාය. නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය යළිඳු වරක් සලකා  බලන ලෙස  ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇත. ඒ, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමු කරමිනි. මේ වනතෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විෂය පථය තුළට අදාළ සියළුම නීති…

Read More