කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 100 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුවතක් අප වෙබ් අඩවිය තුලින් වාර්තා කර තිබුණේ පහුගිය පෙබරවාරි 14 දාය. එකී පුවතට අනුව මෙම තරුණයා 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පාලන පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරමින් 2020 ඔක්තෝබර් 16 වන දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට මොහුව ඉදිරිපත්…
Read MoreTag: ali sabry minister of justice sri lanka
නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පහුගිය 11 දාය. නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය යළිඳු වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. ඒ, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමු කරමිනි. මේ වනතෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විෂය පථය තුළට අදාළ සියළුම නීති…
Read Moreගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට
ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි. අධිකරණ ක්ෂේත්රය වෙනස් කිරීමේ වගකීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිමේ වැදගත්කම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති බවත් ඒ සදහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මෙකී කර්තව්‍යන් ඉටු කරන්නේ…
Read Moreමහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!
මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම දුන්හ. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම සිදු කළාය. අදාළ කමිටුව අධිකරණ අමාත්‍යවරයා විසින් 2020.11.29 වන දින පත් කරන ලදි. කමිටුව වෙත උපදෙස් ලබාදී තිබුණේ මසක් තුළ සිද්ධිය පිළිබදව වු පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.…
Read More