ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගෙන අවුරුදු දෙකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණ කවියෙකු වන අහ්නාෆ් ජාසීම් වෙත පුත්තලම මහාධිකරණය විසින් අද ( දෙසැම්බර් 15 දා) ඇප ලබා දී තිබේ. 2017 දී ලියා පලකළ ‘නවරසම්’ (நவரசம்) පද්‍ය සංග්‍රහය හේතුවෙන් සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීම සහ ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කිරීම ඔහුට විරුද්ධව නඟා තිබුණ චෝදනා ය. 2020 මැයි 16 දා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීමකින් හෝ නඩු පැවරීමකින් තොරව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටි ඔහු…
Read MoreTag: ahnaf sri lanka
අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!
කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු කොට තිබේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් එකතුවෙනි. අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසන්නේ සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා…
Read Moreසිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ මවට වසරකට වැඩි කාලයකින් පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ් ජසීම් මුණ ගැසී කතාකිරීමට 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ඔහුගේ මවට යලි අවස්ථාව ලැබී ඇත්තේ 2021 ඔක්තෝබර් 9 දාය. ඒ කතාබහ ද, විනාඩි දහයකට පමනකි. සාතිශය වැදගත් මානුෂික සබඳතාවක් වන එම කතාබහ විනාඩි කීපයකට පමණක් සීමා කරමින් මහත් අමානුෂික සැලකිල්ලකට පෙරලන ලද බව අහ්නාෆ් ජසීම්ගේ නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි. සිරකරුවන් සහ ඔවුන් බැලිමට පැමිණ…
Read More