ඉන්දියානු ණය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපේ රටට ඉතා කඩිනමින් ලැබෙන බව දැන් ස්ථිරයි. බොහෝ දුරට යම් සහනාධාරයකුත් ලැබේවි. අපේ සමස්ත ගොවිජනතාවට තියෙන්නේ මේ වෙලාවේ හැකි උපරිමයෙන් නැවත වගාවට යොමුවෙන එක. විශේෂයෙන් කුඹුරු පුරන් වෙන්න නොදී වගා කරන එක. මේ ලැබෙන පොහොර ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. කොහොමහරි මේ යල කන්නය ඉවර වෙද්දී හාල් පිටරටින් ගේන එක නතර කරන තැනට වැඩ කරන්න අපි මහන්සි වෙන්න ඕන. මේ යලේදි වෙනදා කරපු විදිහට වගා කරන්න අපිට බෑ. ලැබෙන පොහොර ප්‍රමාණය වෙනදට වඩා අඩුවෙන්න පුළුවන්. ඉතිං කොහොමද මේ සීමිත සම්පත් ප්‍රමාණය කළමනාකරණය…
Read MoreTag: agriculture in sri lanka
ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!
අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. ‘මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ’ මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා. අබේරත්න කියලා කියන්නේ පොළොන්නරුව පරාක්‍රමසමුද්‍ර ගොවි ජනපදයේ ජීවත් වෙන කෙනෙක්. අබේ අයියලගේ සීයා තමයි 1940 පොළොන්නරුවට එන්නේ. ඒ හතර කෝරළේ ඉඳලා. 1942 තමයි ඔවුන්ට කුඹුරු ලැබෙන්නේ. ඩීඑස් ගේ පළවෙනි ගොවි ජනපදය තමයි අපි මේ කතාකරන පරාක්‍රමසමුද්‍ර ව්‍යාපාරය. ගම් දෙකක් මේ ව්‍යාපාරය එක්ක හැදෙනවා. මුලින්ම හැදෙන්නේ අඹන්ගඟ කියන ගම. ඊළඟට පරාක්‍රමසමුද්‍රය කියන ගම. ඉතිං අබේ අයියගේ…
Read Moreගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!
රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර තියෙනවා,” යයි වැවිලි කර්මාන්ත ඇමැති රොමේෂ් පතිරණ කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවසීය. ලංකාවේ කෘෂිකර්මාන්තය සියයට සීයක් කාබනික කිරීමට අවශ්‍ය බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසු ගිය මැයි මාසයේ දී කෘෂි රසායන සඳහා සම්පුර්ණයෙන්ම තහනමක් පැනවීය. තේ වතු හිමියෝ සහ අනෙකුත් ක්ෂේත්‍ර වල ගොවීයෝ ජනාධිපති රාජපක්ෂගේ මෙම ප්‍රතිපත්තිය නිසා ඇති වූයේ දැඩි කෝපයකි. කාබනික පොහොර හිඟකම…
Read More