ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක් උද්ගතව තිබුණි. මෙතෙක් අප දැන සිටි නගරබද වාහන තදබදය සිදුවුණේ, පාරේ යනෙ’න වාහන ප්‍රමාණයේ අධිකතාව නිසා ය. දැන් පාරේ දිවෙන වාහන අඩුයි. අද වාහන තදබදය ඇතිවන්නේ, ඉන්ධන සඳහා පාරවල් අරක්ගත් මේ වාහන පෝලිම් නිසා ය. අපේ ජීවිත කාලයේ ප්‍රථම වතාවට, දුවන වාහන නිසා නොව, නොදුවන වාහන නිසා වාහන තදබදය ඇති කෙරුණු අවස්ථාව මෙයයි. පෝලිමක් යනු,…
Read MoreTag: 2021 dollar crisis in sri lanka
චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ. ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම…
Read Moreඉදිරි සති 03 තීරණාත්මකයි – රනිල්
දැනට උද්ගත ඉන්ධන අර්බුදය ඉදිරි සති 03ක කාලය තුළ එහි උච්චාවස්ථාවට පැමිණෙනු ඇතැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ දැනට තිබෙන තත්ත්වය තුළ ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන් 50% ක් දක්වා සැපයුවහොත් පමණක් බවය. දැනට ශ්‍රී ලංකාව සතුව දින 4කට ඉන්ධන ඇති බව ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව යෝජිත ණය ගිවිසුම අත්සන් කළ පසු තවත් මාස 4කට ඉන්ධන ලැබෙනු ඇතැයි සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය :
Read Moreඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
– ආචාර්ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read Moreඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්
අජිත් පැරකුම් ජයසිංහ කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය. පළමුව ඔහු හමුදාවේ හිටපු සෙබළකු සේ කොන්ද පණ ඇතුව වැඩකළ යුතුය. රාජපක්ෂ පවුල දේශපාලනයේදී අතේ දුරින් තබාගත යුතුය. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුය. පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට විසඳුම් සෙවීමට අවස්ථාව…
Read Moreඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.…
Read Moreආර්ථිකය තවත් ප්‍රපාතයට
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය…
Read Moreජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන් ඇත්තේ රජයේ රෝහල් බව දැනගන්නට ලැබේ.
Read Moreගෑස් තවත් වැඩි වෙයි?
ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.
Read Moreරත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම සහ කුමාරකන්ද අතර බස් ධාවයන නොවෙන අතර ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙන බස් රථ රත්ගම හන්දියෙන් හරවා කුමාරකන්ද වෙත යවන බවද කොළඹ සිට එන බස් රථය එලෙසම කුමාරකන්දෙන් හරවා රවුම් පාරෙන් රත්ගම හන්දිය වෙත යොමුකරමින් ඇතැයි වාර්ථා වෙයි. ලංකාව පුරාම මෙලෙස ගෑස් සහ ඉන්ධන ලබාගැනීමේදී ජනතා කළකෝළහල ඇතිවී ඇති අතර මේ වනවිට ඉන්ධන පෝලිම්වල…
Read More