හමුදාපති ගැන බ්‍රිතාන්‍යයට රහස් වාර්තාවක්!

Secret report to Britain on Army Commander Shavendra Silva ITJP

එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය  වාර්තාවක් භාර දී තිබේ. යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට අදාල පිටු පනහකින් සමන්විත එම වාර්තාව එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දී ඇත්තේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි. නඩු නැති ඝාතන ඇතුළු යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා වල විශ්වසනීයත්වය පදනම් කොටගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති…

Read More

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස

war crimes against protest in sri lanka

ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට  යුක්තිය ඉටු කර දෙන ලෙස  ඉල්ලමින්  ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන්  යාපනයේ  ආරම්භ කළ උපවාසයට ප්‍රදේශයේ දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහයෝගය ලැබී තිබේ. යාපනය  නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට පෙබරවාරි 28 ඉරිදා  ආරම්භ කළ උපවාසය මාර්තු 23 වනදා තෙක්  අඛණ්ඩව පැවත්වීමට නියමිත බව සංවිධායකයෝ පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ. උපවාසය…

Read More

මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට මහ පාරේ සිටිය යුතු නැහැ! – මාධ්‍යවේදිනී ජයනි අබේසේකර

Journalists should not be on the streets to do justice black january

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි. ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු ජනවාරිය තුල අප අනුස්මරණය, ස්මරණය කරනු ලබන්නේ දකුණේ සිංහල මාධ්‍යවේදීන් පමණක් නොව උතුරේ දෙමළ මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍ය ආයතන වලට සිදු වූ අපරාධ බවය. පහුගිය දශක දෙක දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ විශාල වශයෙන් මාධ්‍යවේදීන් මෙන්ම…

Read More

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC

Human rights violations on the rise in Sri Lanka - UNHRC

ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. පසුගිය වසර තුළ පැවති, දඬුවම් නොලැබ සිටීමේ මුක්තිය වඩාත් පුළුල්වීම, ආණ්ඩුවේ කාර්යන් වැඩියෙන් හමුදාකරණය වීම, වාර්ගික-ජාතිකවාදී වාග් ප්‍රහාර, සහ සිවිල් සමාජය බිය වැදිදීම වැනි කනස්සල්ලට පත් කෙරෙන ප්‍රවනතා ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර දොළහකට ආසන්න…

Read More

අපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,

Justice for Former CID Director Shani Abeysekara

මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ රටේ සිටින මේ අයුක්තියට ශාප කරන සියළු මහජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ පපුව ගැහෙන තරම අපි දැනෙනවා. ඔබ නිහඩව දරාගෙන සිටින ප්‍රමාණය අපි දන්නවා. ඒත් මේ වෙලාවේ අපි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒත් සීමිත පිරිසක් වුනත් ඔබගේ ජීවිතය වෙනුවෙන් සටනක් දෙනවා. ඔබ මාව දන්නේ නෑ. මම ඔබව දන්නේ නඩු…

Read More