එමිල් රංජන්ට මරණ දඬුවම!

Emil Ranjan sentenced to death welikada prison massacre

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව දෙමින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල  හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව පසුගිය 12 දා කැඳවූ අතර එහිදී චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලදී.

Read More

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එලෙස  තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගයක් අවසන්වී දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙම නඩුවේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්කිකරුවන් බොහෝ දෙනෙකු සාක්කි දී ඇති හෙයින් එම සාක්කි විශ්ලේෂණය කිරීම ඇතුළු කරුණු…

Read More

වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට නැවතත් මරණ තර්ජන!

Leading witness in Welikada prison massacre receives death threats

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදු වු  වැලිකඩ සිරකරු සමුහ ඝාතන සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවකුට යලිත් වරක් ජීවිත තර්ජන එල්ල වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. එම සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ සුදේශ් නන්දිමාල් සිල්වා වාසය කරන මාලිගාවත්ත, ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාසයේ පිහිටි නිවස වෙත  ජුලි 07 වැනි දින  නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඔහු යන එන ස්ථාන සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් විමසා ඇති අතර  ඔහුට ඉදිරියේදී ජීවිත තර්ජනයක් සිදු කිරීමට සුදානම් වන බවට හැඟවෙන ආකාරයට එකී පුද්ගලයන් ප්‍රකාශ…

Read More