වාසු ගැන නිව්ස් එකක් – අජිත් පැරකුම් ජයසිංහ

වාසු ගැන නිව්ස් එකක්

මේ දවස්වල කොවිඩ් 19 වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින වාසුදේව සහෝදරයාට හැමෝම නීරෝගී සුව පතනවා. වාසුදේව සහෝදරයා ගෞරවනීය අතීතයක් තියෙන, පස්සෙ කාලෙක වෙනස් මගක ගිය කෙනෙක්. මං හිතන්නෙ වාසුට නිරෝගී සුව පතන වැඩිදෙනෙකු දැන් වාසුට කැමති නැහැ. මට නම් දැන් වාසුයි, පරණ වාසුයි අතර මහලොකු වෙනසක් පෙනෙන්නෙ නැහැ. හුඟක් අය ඔහොම තමයි. පරණ සිද්ධියක් මතක් වුණා. 2002-2003 වගේ කාලෙ අපි ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් වැඩසටහන පරාජය කරන්නට වීදියේ සටන් කරනවා. ඒකෙ නායකත්වයේ හිටියෙ සරත් ප්‍රනාන්දු, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, මහමාන්කඩවල පියරතන හාමුදුරුවෝ…

Read More

කොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?

Minister Vasudeva Nanayakkara becomes infected with corona

අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන  අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ සමගි ජන බලවේග මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ කොරෝනා එන්නත ගැන විමසා සිටි අවස්ථාවේදීය. එහිදී අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුයේ එක එක රටවල් තමන්ගේ වත්කම් අනුව කොරෝනා එන්නත මිලියන ගණන්  ඕඩර් කර ඇති නමුත් අපිට දැන්ම එය අවශ්‍ය නැති බවත් උවමනා වු දවසට එය ගෙන්වීමට කටයුතු කරන බවත් ඊට මුදල් සොයා ගන්නා බවත්ය.…

Read More