20 සම්මතවීම සහ පාස්කු පරීක්ෂණ අතර ඩීල් එකක් තියෙනවද?

politics in sri lanka Niroshan Perera Samagi Jana Balawegaya

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය මොකද්ද? කතෝලික ජනතාව විදිහට වගේම කතෝලික සභාවත් හැමදාම කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියන කාරණය. කතෝලික ජනතාව තවමත් ඒ මතයේ ඉන්නවා. ඇත්තටම කතෝලික ජනතාවට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැනට පරීක්ෂණ කෙරෙන විදිහ වගේම ඒ ගැන ආණ්ඩුවේ උනන්දුව ගැන අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ කවුද මේක පිටිපස්සේ හිටපු ප්‍රධානියා, මහ මොළය…

Read More

අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක

Manjula Gajanayake Centre for Monitoring Election Violence

දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට, ළමයින්ට සලකන්නේ නැතිනම් ඒ රට ශිෂ්ඨ සම්පන්න රටක් නොවේ යැයි ඔහු පවසන ඔශු පෙන්වා දෙන්නේ කාන්තාව සමරද්දි ඇය උතුරේද, බටහිර ද යන්න වැදගත් නොවන බවත් කාන්තාව කාන්තාවම බවත්ය. කාන්තාව දේශපාලනයට පැමිණිම තුල සොරකම, දුෂණය, වංචාව අඩු වෙතැයි කිව නොහැකි බවත් එය තර්කානුකූල සාකච්ඡාවක් බවත් නමුත් යම්තාක් දුරකට එය පාලනය කිරිමේ විභවතාවයක් පවතිනවා යැයිද එයට මහා…

Read More

කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක

manjula gajanayake Election Monitoring Paffrel

පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා කිරීමේදී මේ වෙද්දි අපි පවත්වලා තියෙනවා මැතිවරණ 74 ක් 1947 පළමු මැතිවරණයත් එක්ක. එය 1947 ඉඳලා වර්තමානයේ දෙස බැලීමේදී  අපිට කියන්න තියෙන්නේ තියෙන්නේ මැතිවරණ විෂය කාරණාවේදී එක් පක්ෂයක්වත් අවංකව කටයුතු කරලා නැහැ . මැතිවරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මහා උත්සවයක් ලෙස හඳුන්වනවා, නමුත් 1977 න් පස්සෙ පත්වෙච්ච ලංකාවේ සියලුම පාලක පක්ෂ මැතිවරණ වලදී කටයුතු කරලා තියෙන්නේ තමන්ගේ…

Read More

1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!

Provincial Council Elections history in sri lanka

2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය  අනිවාර්යෙන් මේ වසරේදී කෙසේ හෝ ආණ්ඩුව විසින් පවත්වන්නට සුදානම්ය. රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත්  මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌ වන බව මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව සිටින කාලයේදි පවා ප්‍රකාශ කර තිබුණි. නුදුරේදීම පැවැත් වීමට නියමිත…

Read More