මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගැටළු රැසක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වෛද්‍ය පාර්ශවයන් අදහස් පළ කර සිටිති. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී ඇත්තේ වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටය. විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා අවධානයට යොමු කර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (01)…
Read MoreTag: මහින්ද රාජපක්ෂ
කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ මෘතදේහ භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…
Read Moreසහරාන්ට පඩි ගෙවූ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි!
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් හෂීම් පිළිබදව සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයකුද වූ, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කාන්තා සංවිධානයක් ප්‍රකාශ කරයි. “මොකද, එවකට ඒ ආණ්ඩුව විසින් පිළි ගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒකියන්නේ සහරාන් ගැන මේ අය දැනුවත් ” යයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල…
Read Moreඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු කොටගත් අගමැති මහින්ද රාජපක්ෂ මුණගැසී තිබුණි. ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා තාක්ෂණ, ආරක්ෂක හා අධ්‍යාපන ක්ෂේත්‍ර වල ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර සාකච්ඡා සිදුකෙරුණු බව අගමැති මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි. “එතුමා දැන් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. ඒ හින්දා ආණ්ඩුව බලනවා එතුමාව අපට මුණගස්වන්න නොදී එතුමාව ගෙනල්ලා මේ…
Read Moreජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්…
Read Moreමම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර
අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. විශේෂයෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිලිබඳව විවේචනය කර තිබු අතර පොදුජන පෙරමුණේ සියල්ලන්ම කලබලයට පත්ව තිබෙනු දැකිය හැකි විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කළ නොහැකි බව සෘජුව ප්‍රකාශ විය. මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇත්තේ බෙදිමකි. මේ අතර ඊයේ (19) දින කොලඹ පැවති උත්සවයකින් අනතුරුව…
Read Moreගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…
Read Moreපොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!
විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදියට වටහා ගැනීම නිසා මේ වන විට සමාජයේ වික්ෂිප්ත භාවයක් මතුව ඇතැයිද බිම් මට්ටමේ ඇති තත්ත්වය පොදුජන පෙරමුණේ නායකයින් තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුල සක්‍රීය දේශපාලනයේ යෙදීමට ඉඩක් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයෙන්…
Read Moreමුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …
කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය. ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන…
Read Moreනාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට?
මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනකදී ඉදිරිපත් කෙරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍යය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මෙම හමුවේ දී අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත්…
Read More