අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ විධිවිධාන පරිදි ඇප ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු නිසා සැකකරුවන්ට සහ චුදිතයන්ට දැඩි පීඩාවකට ලක්වීමට සිදුව ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. විශේෂයෙන්ම, අභියාචනාධිකරණය කොළඹ පිහිටා තිබීම හේතුවෙන් ඉතා දුර ප්‍රදේශයක පදිංචි සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බැවින් අභියාචනාධිකරණය වෙනුවට ඇප ලබා දීමේ අධිකරණය මහාධිකරණය වශයෙන්…
Read MoreTag: බන්ධනාගාර ආඥාපනත
“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ
“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…
Read Moreබෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වෙඩි පහරින් මරුට!
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි සැකකරුවන් පස් දෙනෙකු අද (18) අලුයම එකට පමණ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත. රැඳවියන් පිරිස අඩි 30 ක් පමණ උසැති බන්ධනාගාර තාප්පය මතට නැග පළා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක්ද සිදුකර තිබේ. එම අවස්ථාවේ රැඳවියන් තිදෙනෙකු තාප්පයෙන් පිටතට පැන තිබෙන අතර අනෙක් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිටතට පනින ලද තිදෙනා අතරින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ…
Read More