ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 20 දා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. තමන් ඇප මත මුදා හරින ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම…
Read MoreTag: පාස්කු ඉරුදින
“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…
Read Moreජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි. පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…
Read More