20 සම්මතවීම සහ පාස්කු පරීක්ෂණ අතර ඩීල් එකක් තියෙනවද?

politics in sri lanka Niroshan Perera Samagi Jana Balawegaya

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය මොකද්ද? කතෝලික ජනතාව විදිහට වගේම කතෝලික සභාවත් හැමදාම කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියන කාරණය. කතෝලික ජනතාව තවමත් ඒ මතයේ ඉන්නවා. ඇත්තටම කතෝලික ජනතාවට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැනට පරීක්ෂණ කෙරෙන විදිහ වගේම ඒ ගැන ආණ්ඩුවේ උනන්දුව ගැන අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ කවුද මේක පිටිපස්සේ හිටපු ප්‍රධානියා, මහ මොළය…

Read More

පළාත් සභා ඡන්දෙට පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්!

Provincial Council Election paffrel

එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද එහි ලේකම්වරයා වෙත භාර දී ඇත. එම යෝජනාවලියෙන් පසුගිය වසර 3ක අත්දැකීම් සැළකිල්ලට ගෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටත්, විෂයභාර අමාත්‍යවරයාටත් ප්‍රසාදය පළ කරමින් පහත කරුණු සඳහන් කර ඇත. සංශෝධනයේ පදනම ලෙස සැළකිය යුතු නොඑසේනම් නොසළකා නොහැරිය යුතු ප්‍රධාන කරුණු   ■          සමානුපාතික…

Read More

අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක

Manjula Gajanayake Centre for Monitoring Election Violence

දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට, ළමයින්ට සලකන්නේ නැතිනම් ඒ රට ශිෂ්ඨ සම්පන්න රටක් නොවේ යැයි ඔහු පවසන ඔශු පෙන්වා දෙන්නේ කාන්තාව සමරද්දි ඇය උතුරේද, බටහිර ද යන්න වැදගත් නොවන බවත් කාන්තාව කාන්තාවම බවත්ය. කාන්තාව දේශපාලනයට පැමිණිම තුල සොරකම, දුෂණය, වංචාව අඩු වෙතැයි කිව නොහැකි බවත් එය තර්කානුකූල සාකච්ඡාවක් බවත් නමුත් යම්තාක් දුරකට එය පාලනය කිරිමේ විභවතාවයක් පවතිනවා යැයිද එයට මහා…

Read More

මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           

Minister of State for Provincial Councils and Local Government Roshan Ranasinghe

පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම නිසා අසාර්ථකවීම් දැකිය හැකි යැයි ඊයේ (07) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීවේය. සියම් මහ නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අදහස් පළ කළ ඒ මහතා, වත්මන් රජය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් යැයි ද පැවසීය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා තම තමන්ගේ නියෝජිතයන්…

Read More

පළාත් සභා ගැන තීන්දුවක් ළඟදීම! – රාජ්‍ය ඇමති කියයි.

State Minister of Provincial Councils and Local Government

පළාත් සභාව අහෝසි කරනවාද ඉදිරියට ගෙනියනවාද කියන එක අපේ ආණ්ඩුව සියලු දෙනා එකතුවෙලා සාමූහික තීන්දුවක් ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් පළාත් සභා හා පළාත් පාළන නව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (17) රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබීමෙන් පසු පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ පැවති ආගමික චාරිත්‍රවාරිත්‍රවලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි. එහි දී ඇමතිවරයා මෙසේ ද කීය. “පළාත් සභා මැතිවරණය පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා පමණක් නෙමෙයි අපේ මුළු ආණ්ඩුවම සාමූහිකව ගන්න ඕන තීන්දුවක්. එතනදී අපි සියලු…

Read More

1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!

Provincial Council Elections history in sri lanka

2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය  අනිවාර්යෙන් මේ වසරේදී කෙසේ හෝ ආණ්ඩුව විසින් පවත්වන්නට සුදානම්ය. රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත්  මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌ වන බව මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව සිටින කාලයේදි පවා ප්‍රකාශ කර තිබුණි. නුදුරේදීම පැවැත් වීමට නියමිත…

Read More