අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!

Ahnaf Jazeem Navarasam Sri Lanka Young Journalists Association

කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු කොට තිබේ. ඒ  නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් එකතුවෙනි. අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසන්නේ සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා…

Read More

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!

wasantha karannagoda extrajudicial killings

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත් 01 දා හෙළි විය. ඒ රහස්‍ය වාර්තාව ඊයේ (02)  අභියාචනාධිකරණයට ඉදිරිපත්  කෙරුණු අතර ඒ පිලිබඳ තීන්දුවක්  නොවැම්බර් 08  වැනිදා ලබා දීමට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. මේ අතර එම වාර්තාවේ සඳහන් තොරතුරු දැනගැනීම අයිතිය ඉල්ලා පීඩිතයන්ගේ නෑ දෙමාපියන් සමග එක්ව  මානව හිමිකම් ක්‍රියාධාරීන් හා නීතිඥවරුන් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.…

Read More

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

Protests in court against the Attorney General

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් අතුරුදහන් කළවුන්ගේ පවුල් එකතුව කොළඹ අභියාචනාධිකරණය ඉදිරිපිට ඊයේ 29 වැනිදා  නිහඬ උද්ඝෝෂණයක නිරතවිය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නීතිපති වරයා ලෙස පත් කළ සංජය රාජරත්නම්ට එරෙහිව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය පැවැත්වෙද්දී, නීතිපතිවරයාගේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔවුන්…

Read More

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

torture act Attorney General's Department

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ  එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු…

Read More