තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: ධීවර කර්මාන්තය
ණය හිලව්වට උතුරු මුහුද ඉන්දියාවට දුන්නාද?
වර්තමාන ඩොලර් අර්බූදය හමුවේ තෙල්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සඳහා ඉන්දියාවෙන් ණය ගනිමින් සිටින ආණ්ඩුව එයට හිලව්ව ලෙස උතුරු මුහුද මසුන් මැරීම සඳහා දකුණු ඉන්දියානු ධීවරයන්ට නිදහස් කර ඇතිදැයි ප්‍රශ්නයක් බව උතුරේ ධීවරයෝ ප්‍රකාශ කරති. පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දියානු අධිබල බෝට්ටු උතුරු මුහුද ආක්රමනය කර ඇතැයිද උතුරේ ධීවරයන්ට ප්‍රහාර එල්ලකරමින් ඇතැයිද මේ නිසා උතුරේ ධීවර ප්‍රජාව අන්ත අසරණ අඩියකට වැටී ඇතැයිද කරුණු වාර්තා වෙන අතර ආණ්ඩුව එයට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වෙන බවක් පෙනෙන්නට නැත. පසුගිය දා ඉන්දියානු ධීවර ප්‍රහාරයක් නිසා උතුරේ ධීවරයන් දෙදෙනෙක් මියගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර වර්තමානයේ ඉන්දියානු…
Read Moreලංකා මුහුදේ මාළු බෑමට දත කන ඉන්දීය ධීවරයෝ…
ලංකා මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට ඉඩ සලසා දෙන්නැයි ඉන්දීය ධීවර සමිති ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් ලංකා නාවික හමුදාවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඉන්දු -ලංකා මුහුදේ ඉන්දීය ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩකඩ හදා ගන්න, තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව ලංකා ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරලා අනුමැතිය ගන්න අවශ්‍ය’ යැයි රාමේශ්වරම් ධීවර සංගම් නායක බෙන්සිංලාස් ජේසුරාසා ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි. රාමනාදන්පුරම් පුදුකෝට්ටෙයි සිට මසුන් මැරීමට මුහුදු ගිය තමිල්නාඩු ධීවරයන් 68 දෙනකු ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 10 ක් සමඟින් ලංකා නාවික හමුදාව මගින් ඉකුත් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වීමේ…
Read Moreජනවාරි 3 සිට “ඉන්දීය ධීවර ආක්‍රමණයක්”…?
නව වසර ආරම්භයේ සිටම ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම ආරම්භ කරනු ඇති බවට අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලමින් විරෝධතාවයක් දියත් කර තිබේ. ‘මයිලඩි’ ධීවර වරාය ඉදිරිපිටදී වර්ෂාව මධ්‍යයේ දෙසැම්බර් 31 වැනිදා උදෑසන ධීවරයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ වලිකාමම් උතුර ධීවර සංගමය විසින්ය. විරෝධතාව දියත් කර තිබුනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පනස් අවුරුදු ගිවිසුමකට එළැඹීම ප්‍රකාශයට පත්වුණු දවසේමය. ඊට දෙසතිඅකට පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක යෙදෙමින්…
Read Moreචීනය උතුරට අත දමයි!
ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පසුගිය 16 හා 17 මන්නාරම සහ යාපනේ දෙදෙන නිළ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශවල ධීවර ජනතාවට ධීවර ආම්පන්න බෙදාදෙනු ලැබීය. මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ ධීවර පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 20 කට ආසන්න වටිනා ධීවර ආම්පන් ලබාදුන් චීන තානාපතිවරයා පසුව යාපනයට ගොස් නල්ලූර් හින්දු කෝවිල ද වැදපුදා ගත්තේය. මීට ප්‍රථම උතුරේ සංචාරයේ නිරතවෙන ඉන්දියානු මහකොමසාරිස්වරු ඇමරිකා-යුරෝපා තානාපතිවරුන් අප දැක තිබුණත් මෙම චීන තානාපතිගේ උතුරේ සංචාරය සුවිශේෂ බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. පොහොර නැවේ ප්රශ්නය වැනි ප්‍රශ්න නිසා ශ්‍රී ලංකාව සහ චීනය…
Read Moreබේරුවල ධීවරයින් එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ඉල්ලයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට උණුසුම් කළේ මීට මාස දෙකකට ඉහතදීය. එහිදී සාගරයට, පරිසරයට හානි වූවා සේම මුහුදු ජිවීන්ද විශාල වශයෙන් මිය ගියහ. එමෙන්ම මේ නෞකාව මුහුදුබත් වීම නිසා මෙරට ධීවරයින් රැසකටද සිය දෛනික රැකියා අහිමිව ගියහ. තවත් පිරිසකගේ ධීවර ආම්පන්න විනාශ විය. කොරොනාවෙන් හෙම්බත් වී සිටි ඔවුන් මේ නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා කබලෙන් ලිපට වැටුණි. රජය එදා බලාපොරොත්තු වූයේ මේ නෞකාව අයත් සමාගමෙන් වන්දි ගැනීමටය. එහි එක් පියවරක් ලෙස මේ වන විට රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මෙරටට ලැබී ඇත. අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා…
Read Moreනැව් ගින්නෙන් පීඩාවට පත් ධීවර ජනතාවට යුරෝපා සහන!
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ඇවිලුණු නැවේ විෂද්‍රව්‍ය දෝරේ ගලායාම නිසා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කෝටි ගණනින් මුදල් ආධාර දීමට යුරෝපා සංගමය ඉදිරිපත් වී සිටී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විෂ රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් කැටිති ප්‍රවාහනය කරමින් සිටියදී ලංකාවේ වෙරල තීරයෙන් කිලෝමීටර කිහිපයක් නුදුරින් ගිනිබත් වීම සමගින් සාගර ජලයත් සාමුද්‍රික ජීවීනුත් පත්ව ඇත්තේ මහත් අන්තරායකටය. ලෝකයේ නරකම සාමුද්‍රික ව්‍යසනයක් ලෙස හඳුන්වනු ලබන එම ආපදාවෙන් පීඩාවට පත් කොළඹ, ගාල්ල, කළුතර ගම්පහ පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල පාලොස්දාහක ජනකායකට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 48ක් ඉක්මවන මුදලක් වන යුරෝ දෙලක්ෂයක මුදලක් ලබාදෙනු…
Read More“දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු කෑමෙන් පසු මාළු මිල ඉහල ගිහින්” ධීවරයෝ කියයි.
පෑලිගොඩ මත්ස්‍ය වෙලඳ සංකිර්ණයෙන්ද නව කොරෝනා පොකුරක් බිහි වීමත් සමඟ ලංකාවේ ජනතාව මාළු මිලදී ගැනීමට සහ පරිභෝජනයට බිය විය. මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදුන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි විය. ධීවර කර්මාන්තය කඩා වැටුණු අතර ධීවරයින් පත් වුයේ දැඩි අපහසුතාවයකටය. මේ අතර මහජනයා මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේ ඉකුත් 17 දාය. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ…
Read More