දෘෂ්ටිමය අරාජිකත්වය ජය ගැනීම

–වික්ටර් අයිවන්– වලක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ මාවෝ සේතුං ය. එහෙත් ලංකාවේ ඇතිවී තිබෙන ඇද වැටීම ලාංකිකමොළයට නම් විශේෂ ලාභයක් ඇති කිරීමට හේතු වී නැත. මේ අර්බුදය තුළ රටේ මතවාදි තලය මුළුමනින්ම වාගේ වසාගෙනතිබෙන්නේ අරාජිකවාදි අදහස් වලිනි. එම විශේෂ මානසික ස්වභාවය රට ඇද වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට රටට තිබෙනහැකියාව විශාල ප්‍රමාණයකට දුර්වල කිරීමට හේතු වී තිබේ. ලංකාව වැටී තිබෙන්නේ තල දෙකකින් යුතු මහා අගාධයක පළමුතලයටය. දැන් ලංකාව තිබෙන්නේ වඩා ගැඹුරු හා විනාශකාරී දෙවැනි අගාධයට වැටෙන්නට ආසන්න තත්වයකය. පළමුඅගාධයෙන් ගොඩ ඒමට රට අසමත් වී දෙවැනි අගාධයට ඇද වැටුනහොත්…

Read More

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා

national security sri lanka rajapaksa family

රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී වශයෙනි. අපේ ඉතිහාසයේ පරසතුරු උවදුරු ගැන සඳහන් වෙයි. චෝල සහ පාණ්ඩ්‍ය ආදී ඉන්දීය ආක්‍රමණද, පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි ආදී යුරෝපීය ආක්‍රමණද ඉන් ප්‍රධානයි. එදා රජවරු විශාල හමුදා ගොඩනැගුවේ එවැනි පරසතුරු අනතුරුවලට මුහුණදීමටයි. රාජ්‍යත්වයට එරෙහිව රට අභ්‍යන්තරයෙන් මතුවන අභියෝගත් ඒ අතර තිබුණි. ඒවා ඇති වුණේ, ප්‍රාදේශීය නායකයන්ගේ හෝ රාජ්‍යත්වයට අයිතිය කියන පවුල් සහ ඥාතීන්ගේ මෙහෙයවීමෙන් ඇති…

Read More

ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!

President gotabaya wishes you a Happy New Year

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බවත්, එය එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අලුත් අවුරුදු සුබපැතුම මගින් ජනතාවට ප්‍රකාශ කරයි. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතින බවයි. අකර්මන්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය  පියවර ගෙන තිබෙන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. රජයේ කොවි මර්ධන වැඩපිළිවෙළ ජාත්‍යන්තරව පවා පැසසුමට ලක්වූ බව මෙහෙදී ජනාධිපතිවරයා පවසා ඇත.

Read More

චීනය යළි මෛත්‍රී පාලනයකට කැමතී වගේ!

Chinese Ambassador Ki Sen Hong Maithripala Sirisena

චීන තානාපති කී සෙන් හොංග් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවසේදී හමුවෙමින් චීන ජනාධිපති ෂී ජිං පිං ගේ අලුත් අවුරුදු සුබ පැතුම හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත. මෙම හමුවේදී චීන තානාපති සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පැවතී ඇති අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල අනාගතය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ලැබේ. පොහොර ප්‍රශ්නයත් සමග චීන රජය සහ වර්තමාන ආන්ඩුව අතර යම් මතබේදකාරී තත්ත්වයක් උද්ගත්ව ඇති අතර එවැනි අවස්ථාවක මෙම හමුව සුවිශේෂ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

චීනය කරපු බරපතල වැරැද්දක් ගැන හිටපු ජනාධිපති කියයි.

Peoples Bank Maithripala Sirisena china

චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අසාධාරණ හා බරපතල වැරැද්දක් සේ තමන් සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පොලොන්නරුව නවනගරය බෞද්ධ සංගම් ශාලාවේදී පැවති වැඩසටහනකට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහි දී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය. “ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11ක් විසින් පවත්වන්නේ යම් කිසි සංවාදයක්. ඒක සාමාන්‍ය‍යෙන් ආණ්ඩුවල ස්වභාවයක්. පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. ලංකාවේ පළවෙනි වතාවට වුණා නෙමෙයි. ආණ්ඩුවක් කරගෙන යනකොට ආණ්ඩුවේ ඉන්න අය අතරේ යම් යම් මතවාදී ප්‍රශ්න ඇති වෙනවා. ඒවා පිළිබදව වාද විවාද…

Read More

තවත් ජනවාරියක් අවසන්!

තවත් ජනවාරියක් අවසන්!

කළු ජනවාරිය නැවතත් සුපුරුදු පරිදි අවසන් වී තිබේ. ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණදුන් පීඩාවන් පිළිබඳ සංකේතයකි කළු ජනවාරිය. එම නිසා සුපුරුදු පරිදි මාධ්‍ය සංවිධානත් වෙනත් පුරවැසි සංවිධානත් ජනවාරි මස තුළදී මාධ්‍ය නිදහස උල්ලංඝනයන්ට එරෙහිවද, පීඩාවට පත් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන්ද විවිධ ක්‍රියාකාරකම් හි නියැලෙයි. මෙවරද අඩු වැඩි වශයෙන් එවන් ක්‍රියාකාරකම් පැවතුණි. මෙම ක්‍රියාකාරකම් කිසිදු ආණ්ඩුවට වගේ වගක් නැතිව පෙර පරිදිම අවසන් වී තිබේ. කළු ජනවාරිය සැමරීම ආරම්භ වී වසර 11ක් ගත වී ඇත. 1980 දශකයේ සිටම මෙරට මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් මුදා හළ අවස්ථාවන් අප්‍රමාණ වුවත් ඒවා කිසිවකට යුක්තිය ඉටු නොවීම මෙරට මාධ්‍යවේදීන්ට අත්…

Read More