ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…

Campaigns against the Microfinance Crisis in Sri Lanka

ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර තිබේ. මාර්තු 30 අඟහරුවාදා මුලතිව් නගර මධ්‍යයේ සහ පුදුකුඩිඉරිප්පු නගර මධ්‍යයේ විරෝධතා දියත් කරද්දී ණය බරින් මිරීකී සිටින නැගෙනහිර පළාතේ කාන්තාවන් විරෝධතාවය දියත් කර ඇත්තේ  මඩකලපුව කිතුල ග්‍රාමයේදීය. මීට අමතරව මන්නාරම ඇතුළු ස්ථාන පහළොවකට වැඩි සංඛ්‍යාවක මහජන සැලසුම් සංසදය විසින් සංවිධානය කරන ලද  විරෝධතා පැවැත්වුණු බව වාර්තාකරුවෝ පවසති. පොරොන්දු වූ පරිදි සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය…

Read More

වැලිඔය කඳුළු ඔයක් කළ ක්ෂුද්‍ර  මූල්‍ය ණය කන්ද

Microfinance crisis in WeliOya

අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මම අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක් සේ දෙකට බෙදෙයි. එක පසක් නැදුන්කර්නි ය. අනෙක් පස මුලතිව් ය. අප මුලතිව් මඟ ගත යුතුය. මේ බිම කලින් දෙමළ ය. 1984 සිට සිංහල ය. අපි ඒ ඉතිහාසයට ගොස් නැවත වර්තමානයට එමු. “අපි වැලිඔයට ආවේ 1984. මම එනකොට මට වයස 11යි. අපි එනකොට මේක කැලයක්. ඇහැටුගස් වැව හරියේ දෙමළ ගම්මානයක් තිබුනා. අපි කලින් හිටියේ දිඹුලාගල…

Read More