ඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි

බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි බොරැල්ලපොලිසිය වාර්තා කරයි. මියගිය පුද්ගලයා පෙරේදා 4   රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා  මෝටර් රථයෙන්  පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි  බොරැල්ලපොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ මහතා පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ගොතටුව පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න (60) නැමැත්තෙකි. මේ වන විට මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණයපැවැත්වීම සඳහා තැන්පත් කර ඇත. මෙම අර්බුදය හමුවේ පෝලිම් වල මිය ගිය…

Read More

උඩපැනලා ගහලා, සමාදානත් වෙලා

කුරුණෑගල – යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී උසස් හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට උඩපැන පයින් පයින් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශවයන් සමථයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි. මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ දර්ශනයන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වීමත් සමග මේ සිදුවීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර කර ඇති බව වාර්තා වෙන අතර එම සිවිල් වැසියාට පහර දුන් නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවේ කුරුණෑගල වැහැර පළමුවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් විරාජ් කුමාරසිංහ බව වාර්තා වෙයි.  මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ…

Read More

පාපැදි ඉල්ලුම වැඩි වෙයි

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල රුපියල්35,000 ඉක්මා ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.  කොළඹ නගරයේ පාපැදි අළෙවිසල් පෙරවරුවේ විවෘත කරන තෙක් ජනතාව වෙළෙඳසල් ඉදිරිපිට රැදී සිටින බවත් ඉල්ලුමටසැපයුම ලබාදිය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.

Read More

ආණ්ඩුව IOC එකෙන් ඩීසල් ඉල්ලයි

ලංකා ඉන්දියන් ඔයිල් ( IOC ) සමාගමෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. හරියටම සතියකට පෙර එනම් පසුගිය බ්‍රහස්පතින්දා (16) පෙරේදා රාත්‍රියේ පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය කිහිපයක් පෝලිමේ රැඳී සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය. මෙම පුද්ගලයා තම ත්‍රිරෝද රථයේ පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට පෝලිමේ රැඳී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු…

Read More

ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි

තමන් අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන රැස්කරගත් බවත් එලෙසින් තවත් ඇමතිවරුන් ඉන්ධන තොග රැස් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය ප්‍රකාශ කරන්නී තමන් බූලිවලට  අවුරුද්දකට අවශ්‍ය ඉන්ධන එක් රැස් කරගත් පරිද්දෙන් තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බව‍ය. සාමාන්‍ය ජනතාව දෛනිකව පෝලිම් වල සිටින පසුබිමක සහ රුපියල් 2000ක පමණ සීමාවකට ඩීසල් ලබාගන්නට වෙන පසුබිමක ආණ්ඩුවේ ප්‍රබලයින් මෙලෙස ඉන්ධන රැස් කිරීම පිළිකුල් සහගත බව ප්‍රකාශ කළ යුතුය.

Read More