පාර්ලිමේන්තු චන්ඩීන්ගෙන් මාධ්‍යවේදීන්ට පහරදීමක්

පාර්ලිමේන්තුවේ අද (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන් ‌දෙදෙනාය. ඔවුන්ට පහර දී ඇත්තේ අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා බව දැනගන්නට ලැබෙන අතර මෙහිදී මෙම මන්ත්‍රීවරුන් ‘උබලා තමයි මේ රට ගිනි තිබ්බේ’ යනුවෙන් මාධ්‍යවේදීන්හට මරණීය තර්ජන එල්ලකර ඇත. මේ පිළිබඳව අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා පොලීසියට පැමිණිලි කර ඇත.

Read More

ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට

Independent parties support the government Ranil Wickremesinghe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.

Read More

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…

rajapaksa family sri lankan politics today

පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට පුරා තැනින් තැන අපට පෙනෙන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ මාදිලියේ විරෝධතාවන් ය. ගෝල්ෆේස් පිටිය යනු එම අදහස සක්‍රීය විරෝධාකල්පයකින් ප්‍රකාශයට පත්වෙන කුඩා බිම්කඩකි. රටේ වෙනත් සෑම තැනකම එම අදහස, වෙනත් මාදිලිවලින් දෛනිකව ප්‍රකාශයට පත්වෙයි. වසා ඇති සෑම ඉන්ධන පිරවුම්හලකම ඇති හිස්කමත්, විවෘතව ඇති සෑම ඉන්ධන පිරවුම්හලක්ම ඉදිරියේ ඇති දීර්ඝ පෝලිම් රාශියත්, රෑ දවල් දින ගණන් පාරේ…

Read More

බදාදා, පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්..?

A secret ballot in sri lanka Parliament

එලබෙන මැයි 04 වෙනි බදාදා නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය කා සමග ද යන ප්‍රශ්නයට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි වාර්තා වෙන අතර එම පිළිතුර අපේක්ෂාවෙන්ම පොහොට්ටුවෙන් ස්වාධීන  වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා තම කණ්ඩායමේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කතානායක සඳහා යෝජනා කරනු ඇති. රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගිය දා ඉවත්වූ අතර එම පුරප්පාඩුවට පොදුජන පෙරමුණ ඩිලාන් පෙරේරා ඉදිරිපත් කරන්නට තීරණය කර ඇත. ඒ අනුව නියෝජ්‍ය කතානායක සුදර්ශනී ද ඩිලාන් ද යන්න තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇති…

Read More

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!

The 41 Independent Members of Parliament sit separately

ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.

Read More

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

sajith premadasa

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන් උනන්දුවෙන් අත්සන් ලබාදෙමින් සිටින බව වාර්තා වෙන අතර යෝජිත අන්තර්වාර පාලනයේ නායකත්වය ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මාස 06ක පමණ පාලන කාලයකට මෙම ආණ්ඩුව පිහිටුවනු ඇතැයිද ඉන්පසුව වහාම මැතිවරණයකට යනු ඇතැයි ද කරුණු වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු සේවකයෝ පාරේ යන්නේ හැංගිලා

Parliamentary Staff economic crisis in sri lanka

පාර්ලිමේන්තුවේ රැකියාව කරන සේවකයන් හට ප්‍රවාහනය සලසන බස් රථවල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන නාමය සහිත පොවරුව ගලවා දමා මේ දිනවල ධාවනය කරන බව දැනගන්නට ලැබේ. මෙලෙස නාම පොවරුව ඉවත් කරමින් බස් රථ ධාවනය කරන්නේ තෙල් සහ ගෑස් පෝලිම්වල සිටින මිනිසුන් කුපිතවී බස් රථවලට පහර දේවියැයි යන බිය නිසා බව දැනගන්නට ඇත.

Read More

පාර්ලිමේන්තුව කල් තැබේ!

Sri Lankan Parliament was adjourned

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව පසුගිය 12 මධ්‍යම රාත්‍රියේ සිට 2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි කල් තබන ලදී.

Read More

හැමදාම පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් කවුද?

Attendance of Members of Parliament Manthri.lk Research Team

ජනතා නියෝජිතයන් දාහතර දෙනකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් වාර්තා කරද්දී , කතානායකවරයාද ඒ අතරට ඇතුලත්ව සිටී. දෙමළ ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත් නොවන අතර විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු ඒ අතර වේ. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙන   2020 වසරේ අගෝස්තු මස සිට 2021 මාර්තු දක්වා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිමේ දත්ත ඇසුරින්  Manthri.lk වෙබ් අඩවිය විසින් එම තොරතුරු අනාවරණය කර තිබේ. එම අනාවරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් සටහන් කර තිබෙන ජනතා නියෝජිතයන් දාහතර දෙනා අතරින් වැඩි දෙනකු අයත්වන්නේ ආණ්ඩු පක්ෂයටය. එයින් පස් දෙනෙකු සමගි…

Read More