අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අභියෝග කළ පෙත්සම් දෙකක් සලකා බැලීම ඉදිරි සතියට

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු ඇතුලු සමාජිකයින් පත් කිරීමත්, ශ්‍රී ලංකාවේ රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් පිළිබදව සලකා බැලීමට ඉදිරි සතිය තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එම ව්‍යෛ සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නි ආරච්චි , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ   ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිස ඉන් ඉවත් කර  ඒ සඳහා නව සභාපතිවරයෙකු හා සාමාජිකයින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ගනු ලැබූ තීරණය වෛද්‍ය ආඥා  පනතට පටහැනි බවයි.

අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දී තිබුනේ ව්‍යෛ ආඥා පනතට අනුව ආමාත්‍යවරියට ඒ සදහා බලය ඇති බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසයි. ඒ අනුව මේ සම්බන්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ලබා දීම ලබන 18 දක්වා කල් තබා තිබේ.

ඉංජිනේරුවකු වන කපිල රේණුක  පෙරේරා  මහතා විසින්  ශ්‍රී ලංකාවේ රක්ෂිත නොවන අවශේෂ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරු යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් වනජීවී අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර , ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.රණවක ඇතුළු පිරිස වගඋත්තර කරැවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම ලබන 21 වන දින විභාගයට ගැනීමට නියමිතය.

මෙම පෙත්සම ඉදිරිපත් කළ රේණුක පෙරේරා පෙන්වා දෙන්නේ, මෙම සුවිශේෂ වූ වනාන්තර පද්ධතීන් තුළ දුර්ලභ සත්ව හා ශාඛ විශේෂ රැසක් පවතින බවත් මේවා සංවර්ධන කටයුතු සදහා යොදා ගත හොත් ඒවා විනාශයට පත්වන බවත්, මෙම ක්‍රියාව මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවත්ය.

Social Sharing
නවතම