රටේ වැඩ වර්ජන පහළ වැටේ!

උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, වෘත්තිය ක්‍රියා මාර්ග මෙරට ඉතිහාසය පුරාම පැවතුණි. සේවකයින්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්, රජයට බලපෑම් කිරීම් වෙනුවෙන්, වෘත්තියේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ සියල්ල සිදු කෙරුණි.

ඇැතම් විට පවතින ආණ්ඩු පෙරලා දැමීමටද  මෙ වර්ජන, විරෝධතා හේතු විය. 2015 පසු පැමිණි යහ පාලන යුගයේ විවිධ වෘත්තිය සමිති විවිධ උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, පාගමන්, අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියා මාර්ග දියත් කළහ. නමුත් ඒ කිසිවෙකුටත් ජල ප්‍රහාරයක්, කඳුලු ගෑස් ප්‍රහාරයක් මිස කායික වධහිංසනයකට ලක් කළේ නැත. මිනිස්සු ඕනෑ තරම් විරෝධතා නඟද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිහඩව සිටීම තුල ඔවුන් සිතුවේ ජනාධිපතිවරයා පඹයෙක් ලෙසය.

මිනිස්සු මේ පා ගමන්, විරෝධතා, උද්ඝෝෂණ වලට ප්‍රධාන නගර වල ප්‍රධාන මාර්ග තෝරා ගනිද්දි මහමඟ ගමන් ගත් බොහෝ පිරිස් අපහසුතාවයට පත් වුයේ දැඩි තදබදයට ලක් වීමෙනි.

කෙසේ නමුදු 2019 වසරේ නව ආණ්ඩු පෙරළියත් සමඟ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උද්ඝෝෂණ කරනවුන්ට වෙනම ස්ථානයක් සකසා දුන්නේය. ඒ හැර කොලඹ නගරයේ වෙනත් ස්ථාන වල විරෝධතා, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කෙරුණි.

ඒ අනුව විරෝධතා, වැඩ වර්ජන නව ආණ්ඩුවේ මුල සිදු නොවු තරම්ය. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා යමක් කරාවි කියන හැඟීම ජනතාවට තිබුණි. නමුත් එය දැන් ක්‍රම ක්‍රමයෙන් දිය වී ගොස් ඇත.

මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ පමණක් වෘත්තිය සමිති 1903 ක් ලියාපදිංචි වී ඇත. 2019 වසරේ පමණක් අලුතෙන් වෘත්තිය සමිති 132 ක් ලියාපදිංචි වී ඇත. එමෙන්ම මෙම වසරේ වෘත්තිය සමිති 144 ක් අවලංගු කර ඇත.

මේ මිනිසුන් වෘත්තිය සමිති පිහිටුවා ගැනීම තුලින් උත්සහ කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමටය. ඔවුන්ට දැන් වෙනදාට වඩා තමන්ගේ අයිතිවාසිකම් කඩවෙන බව දැනීමට පටන් ගෙන ඇත.

එමෙන්ම 2019 වසරේ පමණක් වැඩ වර්ජන 25 ක් සිදු කර ඇත. ඊට සේවකයින් 7611 කු සහභාගි වී ඇති අතර මිනිස් දින 56052 ක් අහිමිව ගොස් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නවතම තොරතුරු වලින් හෙළි කර ඇත.

මින් වැඩිම වර්ජන සංඛ්‍යාවක් පවත්වා ඇත්තේ නිෂ්පාදන අංශයේය. ඒ වැඩ වර්ජන 11 කි.

සංඛ්‍යාලේඛන අනුව 2018 වසරට සාපෙක්ෂව වැඩ වර්ජන 2019 වසරේ කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

-ශානි-

Social Sharing
නවතම පින්තූර ගැලරිය