මම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර

අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි.

විශේෂයෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිලිබඳව විවේචනය කර තිබු අතර පොදුජන පෙරමුණේ සියල්ලන්ම කලබලයට පත්ව තිබෙනු දැකිය හැකි විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කළ නොහැකි බව සෘජුව ප්‍රකාශ විය.

මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇත්තේ බෙදිමකි. මේ අතර ඊයේ (19) දින කොලඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් විවිධ ප්‍රශ්න අසා සිටියහ.

ඔහු ඒ සියලු ඒවාට කෙටි උත්තර ලබා දුන් අතර මේ සියලු දේ පිටුපස කෙනේ සිටින බව පැවසිමත් සමඟ මාධ්‍යවේදීන් අසා සිටියේ ඒ බැසිල් රාජපක්ෂද යන්නය. අමාත්‍යවරයා පැවසුයේ එය දන්නෝ දනිති බවය.

ඔහු කිසිවිටෙකත් ආණ්ඩුව අතහැර නොයන බවත් නමුත් ආණ්ඩුව තමන්ව අතහැර යයිද දන්නේ නැතැයිද ඔහු ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
නවතම