“කුරුණෑගල හිටපු SSP කොමිසම වෙත ලබා දුන්නේ අසත්‍ය ප්‍රකාශයක්!” රිෂාඩ්ගේ නීතිඥවරයා කියයි.

වෛද්‍ය සාෆි ඇම මත මුදා හැරුණු දින රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කර සැපෙන් ඉන්නවදැයි ඇසු බව  කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් පෙරේදා (13) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බ්නධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේදී දෙනු ලැබූ සාක්ෂිය සම්ර්‍පූර්ණයෙන්ම අසත්‍යයක් බව රිෂාඩ් බදියුදින් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඔහුගේ නීතිඥ රුෂ්ඩ් හබීබ් මහතා මගින්  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමට දන්වා ඇත්තේ  කුරුණෑගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක මහතා විසින් ජනාධිපති කොමිෂම ඉදිරියේ සාක්ෂි දෙමින්, රිෂාඩ් බදියුදීන් දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් කථා කරන ලදැයි කියන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවය.

ජනාධිපති කොමිෂන් සභාවට ලිපියක් යවමින් රිෂාඩ් බදියුදීන්ගේ නිතිඥවරයා සඳහන් කරන්නේ, මහින්ද දිසානායක මහතා සදහන් කරන පරිදි ඔහු සමග තම සේවාදායකයා දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයෙන් කථා කර නොමැති බවයි. ඔහු සදහන් කරන්නේ කුරුණෑගල රජයේ රෝහලට අනුයුක්තව සිටි රජයේ වෛද්‍යවරයෙක් වන දොස්තර සාෆි  ඇප මත මුදා හැරීමෙන් පසු රිෂාඩ් බදියුදීන් ඔහුට දුරකථනයෙන් කථා කල බව “සම්පූර්ණයෙන් අසත්‍යයක්” බවය. නිතිඥවරයා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ දිසානායකගේ දුරකථන සංවාද තහවුරු කර ගන්නා ලෙසය.  එමගින් “දිසානායකගේ අසත්‍ය සාක්ෂි තහවුරු කර ගත හැකි බව මාගේ සේවාදායක විශ්වාස කරන බවද” ඔහු සදහන් කරයි.

එසේම නීතිඥවරයා කොමිසමට අවධාරණය කර සිටින්නේ “මාගේ සේවාදායකට එරෙහිව කොමිසම හමුවේ සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලබා දුන්නද මාගේ සේවාදායකයාට වාසි වන ආකාරයේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබෙනුයේ ඉතා සුඵ මාධ්‍ය ආවරණයක් හෝ ඇතැම් විට කිසිඳු ආවරණයක් නොලැබෙන බවයි”.

Social Sharing
නවතම