මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති

මහරගම පොලීසියේ රෙස්ලින් රාලහාමි දැන් සිටින්නේ බන්ධනාගාරයේය. ඒ සතියකටය. ඔහු එලෙස බන්ධනාගාර ගත නොවුයේ නම් සමාජයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම දැඩි විරෝධයක් එල්ල වන්නට තිබුණි.

ඉකුත් 29 දා  උදෑසන 08.30ට පමණ  පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග මාවත ආසන්නයේදි   මහේනද්‍රා වර්ගයේ කුඩා ලොරි රථයක මහරගම රථ වාහන අංශයේ ස්ථානධිපතිවරයා ගැටී අනෙක් පස ධාවනය වෙමින් තිබු මෝටර් රථයක බොනට්ටුව මතට වැටීමත් සමඟ මාර්ගයේ රථ වාහන හසුරවමින් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා දිව විත් ලොරි රථයේ රියැදුරුට බිම දමා පහර දෙන අයුරු පහුගියදා වීඩියෝ වල සංසරණය වුයේ ක්ෂණිකයෙනි.

මේ නිසා පොලිසියට අහක බලාගෙන සිටිය නොහැකි විය. අදාල පහර දුන් පොලිස් නිලධාරියාව පොලිස් අත්අඩංගුවට ගත්තේ ඔහුගේ වැඩද තහනම් කරමිනි.

මෙහිදී පහර කෑමට ලක් වු ලොරි රථ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන (30) දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇපයක් මත මුදා හැරීමටත් රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටත් නියෝග කර තිබුණේ ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාය.

එමෙන්ම අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාව දින හතකට රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඔහු සම්බන්ධ මානසික වාර්තාවක්ද කැඳවන ලෙසටය.

මේ අතර මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා තිබුණේද කිසිදිනෙක පොලිස් නිලධාරියෙක්ට ජනතාවට ඒ වගේ පහර දෙන්න අයිතියක් නැති බවය.

එමෙන්ම  මේ වසරේ  පොලිස් නිලධාරීන් 72 පාරේ අනතුරුවලින් අනතුරු  වලට ලක් වී ඇති බවත් එයින් 18 දෙනෙක් මිය ගොස් ඇති බවද ඔහු හෙළි කර සිටියි.

ගිය වසරේ රාජකාරිය යෙදී සිටින විට පොලිස් නිලධාරින් 293 වාහන අනතුරු වලට ලක් ඇති බවත් ඉන් 28 දෙනෙක් මිය ගොස් ඇති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ  මෙම පොලිස් නිලධාරීන් ලොකු පීඩනයක රාජකාරි කරන බවත්  නමුත් මොන පීඩනය තිබ්බත් මෙම වගේ කටයුතු  අනුමත නොකරන  බවය.

කෙසේ නමුදු මේ නිලධාරියා තව සතියකින් ඇප ලබා එළියට එනු ඇත. එමෙන්ම රැකියාවද කාගේ හෝ දේශපාලඥයෙකුගේ සහායෙන් නැවත ලැබෙනු ඇත. විශේෂයෙන්ම මෙම නිලධාරියාගේ වසර 29 ක සේවා කාලයක් ඇති බැවින් ඒ පිලිබඳ සකලා බලනු ඇත.

පොලිස් නිලධාරීන් මෙලෙස බියක් සැකයකින් තොරව විනය වීරෝධි කටයුතු වල නියැලෙන්නේ ඔවුන්ට කාගේ හෝ රැකවරණයක් ලැබෙන නිසාය. ඔවුන් රැකියාව ගැන බිය නොවන්නේ ඒ නිසාය. ඒ නිසා ඔවුන් අතපය දිගහැර ජනතාවට සලකන්නේ ඒ ආනුභාවයෙනි.

වෙන්නප්පුව සිටි සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාව මාරු කරන්නේද ප්‍රදේශයේ මැති ඇමතිවරුන්ගේ උවමනාව මතය. ඒ ඔහු ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කිරිම නිසාය. මේ වන විට එරික් පෙරේරා ගැනද සමාජයේ ආන්දෝලනයක් මතු වෙමින් ඇත.

කෙසේ නමුදු මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පිලිබඳ ජනතාවට ඇත්තේ ගැටලු රැසකි. මේ කඩිනම් පොලිස් ප්‍රතිසංස්කරණයකට අවැසි කාලයක් නොවන්නේද?

-ශානි-

Social Sharing
නවතම