බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!

බස්නාහිරින් පිටව යන මගීන් සදහා අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අද සිට ඇරඹේ.

අහඹු පරීකෂණ කිරීම සදහා මාස අටක බල කිරීමකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් නිවැරදි තීරණයක්.

බස්නාහිරින් පිටව යන මාර්ග පහක් පමණ පවතී. දිනකට බස් රථ 1000ක් පමණ බස්නාහිරින් පිටව යයි. මගීන් අවම වශයෙන් 25000ක් අනුමාන කල හැකියි.

ඒ අනූව අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදි නියදියක් හරහා සිදු කරණු ලැබුවහොත්, එක් ආසාධිතයෙක් යණු 2000කට වැඩි ආසාධිතයින් සංඛ්‍යාවක් ලෙස අනුමාන කල හැකියි.

අහඹු පරීක්ෂණ කිරීම වගේම එමගින් හෙලි කර ගන්නා විද්‍යාත්මක දත්ත සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍යයි

අසාධිතයින් සොයාගෙන, ඔවුන්ව ඉවත් කිරීම සදහා වැඩපිළිවෙළක් නොමැති වුවහොත්, එය, අනවශ්‍ය අර්බුදයකට පාර කපා ගැනීමක්

අහඹු පරීකශණ ක්‍රියාවලිය සාර්ථකව කිරීම සදහා ජංගම රසායනාගාර දහයක්වත් අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සදහා කිසිදු උණන්දුන්වක් නැහැ.

 

රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Social Sharing
නවතම