රාජ්‍ය සේවා කොමිෂන් සභාවට GMOA නිලධාරීන්ගෙන් බලපෑම්!

කිසිම පාලනයක් නැති, කිසිම වගකීමක් නැති, කොරෝනා ව්‍යවසනය තව තවත් වර්ධනය කරන සංවිධානයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

අද සෞඛ්‍ය ඇමතිවරිය රූකඩයක් බවට පත්ව අමාත්‍යාංශයේ බලය එක් පුද්ගලයෙක් අතට ගෙන ඇති බවත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරයා වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බවද ඔවුන් පවසන සෑම දෙයටම අනුමත දීමට අද සෞඛ්‍ය පවිත්‍රා දේවි මහත්මියත් සංජිව මුණසිංහ මහතාත් සුදානමින් සිටින බවද උන් වහන්සේ වහන්සේ පවසයි.

අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝම වෘත්තිය සමිති කළකිරීමට පත්ව ඇති අතර විශේෂයෙන් වෛද්‍යවරු තමන්ගේ අතකොලු  බවට පත් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටින බවත් ඒවා දෙස බලා සිටින රූකඩය පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇමතිවරිය බවද උන් වහන්සේ චෝදනා කර සිටියි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට පුටුව රත් කරනු විනා ඔහුට කිසිදු බලයක් නොමැති බවද ආනන්ද හිමියන් පවසයි.

අද ආයතන සංග්‍රහයත් උල්ලංඝනය කරමින් සේඛ්‍ය ලේකම්වරයාට ඇවැසි පරිදි වෛද්‍යවරු මාරු කරන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවා අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලපෑම් කරමින් සිටිනවා යැයිද ආනන්ද හිමියන් පවසයි.

මේ බව දැනටමත් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය, ලේකම්වරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සිදු කරන මේ මාෆියාවට එරෙහිව ඉදිරියේදී තමන්ට සියලු වෘත්තිය සමිති ඒකරාශී කිරීමට ඉඩ නොතබන ලෙසද උන් වහන්සේ ඉල්ලා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

Social Sharing
නවතම