ලංකාවේ මුස්ලිම් සිරුරු පිලිස්සීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතා!

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම සුළු ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහ ලත් කුමන්ත්‍රණයක් දැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සති අන්තයේ පැවති විරෝධතාවකදී ප්‍රශ්න කරනු ලැබිණි.

බලහත්කාර ආදාහනයට එරෙහිව මුස්ලිම් ඩයස්පෝරාව විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවට පැමිණි උද්ඝෝෂකයෝ සිංහල, දෙමළ හා ඉංග්‍රීසියෙන් ලියවුනු සටන් පාඨ පුවරු ඔසොවා ගෙන සිටියහ.

සිංහලෙන් උද්ඝෝෂකයන් ඇමතූ නීතිවේදිනී සරීනා අබ්දුල් අසීස් ආණ්ඩුව මෙන්ම ජනමාධ්‍ය ආයතනද දැඩි විවේචනයට ලක් කළාය.

ක්‍රිස්තු භක්තිකයන්ටද වේදනාකාරී වන බලහත්කාර ආදාහනය නතර කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මැදිහත් නොවීම ගැනද විරෝධතා සභාවේදී කනගාටුව පලවිය.

Social Sharing
නවතම විදෙස්