බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දී රජය කොවිඩ් 19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතු බවට  අත්සන් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් සමාජය රජයට බල කර සිටී.

ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බව පවසන පුද්ගලයන් 89 දෙනෙක් සහ සංවිධාන 29 ක් ජනවාරි 4 සදුදා  අත්සන් කර තිබෙන ප්‍රකාශයක් මගින් රජයට බල කර ඇත්තේ  එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන්  ආදාහනය කිරිමේ පිළිවෙත වහාම නවත්වන ලෙසයි.

පවතින විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොවිඩ් 19 ආසාදිත මෘත දේහ භූමදානයට අවසර දිය හැකි බව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ වයිරස් විශේෂඥයන් සහ වෛද්‍ය ආයතන පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

ජනවාරි 2 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෘත දේහයක් තුළ වයිරස් ආසාදනය වන මට්ටමින් පැවතීමේ හැකියාව අඩු බැවින් කොවිඩ් 19 ආසාදිත මෘතදේහ භූමදානය අනුමත කළ හැකි අතර  කොවිඩ් 19 ආසාදිත මෘතදේහ භූමදානයෙන් මහජන සෞඛ්‍ය විපතක් සිදුවිය හැකි බවට ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් ඉදිරිපත් වූ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි.

සිවිල් සමාජය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩි දුරටත් පෙන්වා  ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) 2020 දෙසැම්බර් 31 වැනිදා මීට සමාන ප්‍රකාශයක් නිකුත් කරමින්  කොවිඩ් 19 සම්බන්ධයෙන් දැනට පළ වී ඇති විද්‍යා පර්යේෂණ පත්‍රිකා 85000ක් අතරින් එකක වත් මළ සිරුරකින් වයිරසය වැළඳීමක් ගැන වාර්තා නොවන බව පැහැදිලි කර තිබු බවයි.

“භූගත ජලය ඔස්සේ වයිරසය පැතිරීම පිළිබඳ බිය ප්‍රතික්ෂේප කරමින් CCPSL ස්ථාවරය දක්වන පත්‍රිකාව කියා සිටින්නේ ” SARS- CoV-2 වයිරසය භූගත ජලය ඔස්සේ සෘජුව පැතිර යන බවට කරන ලද පරීක්ෂණ විද්‍යාත්මකව හරයාත්මක ලෙස ඔප්පු වී ති බවයි. එමෙන්ම පානීය ජලය ඔස්සේ වයිරසය පැතිරෙන බවටද විද්‍යාත්මකව සඳහනක් නැති බවයි ”

ලෝක ප්‍රකට ප්‍රමුඛ පෙළේ වයිරස් විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ වලින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ රජයේ ස්ථාවරය අභියෝගයට ලක් කරමින්ද ආරක්ෂිතව මෘතදේහ භූමදානය කිරීමට සහය දක්වමින් වාද කර ඇති බවද සිවිල් සමාජය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය තව දුරටත් පෙන්වා දෙයි.

කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භූමදානයෙන් ඇති වනවාට වැඩි අවදානමක් ආසාදිත රෝගින්ගේ මළ මුත්‍රා ආදියෙන් ජලය දූෂණය විමෙන් ඇතිවන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයත් තර්ක කර ඇති බව එම ප්‍රකාශනයේ වැඩි දුරටත් සදහන්ය.

“මෙකී හරයාක්මක හා බලධාරීමය වෛද්‍ය උපදෙස් හමුවේ පහත අත්සන් කරන අප රජයෙන් ඉල්ලා සිටින්නේ කොව්ඩ් 19 ආසාදිතව මියගියවුන්ගේ සිරුරු භූමදානයටත් ආදාහනයටත් ඉඩ දීමට වහාම පියවර ගන්නා ලෙසය”.

2020 මාර්තු 31 දක්වා මෘතදේහ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මෙය වූ අතර එදින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනපේක්ෂිත ලෙස නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් කොවිඩ් 19 මෘතදේහ ආදාහනය පමණක් කළ යුතු යැයි  අවධාරණය කළ බව පෙන්වා දෙන සිවිල් සමාජය තව දුරටත් සදහන් කරන්නේ පසුකාලීන මාධ්‍ය වාර්තා සහ සිවිල් සමාජ සංවිධාන ප්‍රකාශවලින් පෙන්වා දෙන ලද්දේ මෙකී ප්‍රතිපත්තිය වයිරසය ආසාදිත බවට සැක කෙරෙන මෘතදේහ සම්බන්ධයෙන්ද අදාල කරගන්නා බවයි.

“මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හා නිත්‍ය මානව හිමිකම් කොමිසම මෙන්ම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා රාමඤ්ඤ මහා නිකාය ආදී  ශ්‍රී ලාංකිය ආගමික නායකයන් කිහිප දෙනෙකු ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාකාරින්ගේ බොහෝ ඉලීලම් හා ප්‍රකාශ නොතකමින් රජය හිතුවක්කාරී ලෙස අදාල ප්‍රතාපත්තිය පවත්වාගෙන ගොස් ඇත.”

ශ්‍රී ලංකාවේම වෛද්‍ය ප්‍රජාව කොවිඩ් 19 ආසාදිත මෘතදේහ භූමදානයට සහය දක්වන වාතාවරණයක් තුළ රජයට  තවදුරටත් ශ්‍රී ලංකාවේ ආගමික සුළුතර ජනතාවට වෙනස්කොට සැළකීමක් වන ” ආදාහනය පමණකි’ යන ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑමට අවස්ථාවක් නැති බව සිවිල් සමාජය වැඩි දුරටත් රජයට අවධාරණය කර තිබේ.

covid bodies cemetery issues in sri lanka

covid bodies cemetery issues in sri lanka

covid bodies cemetery issues in sri lanka

covid bodies cemetery issues in sri lanka

Social Sharing
නවතම