ආගමික අන්තවාදීන් වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්!

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් සහිතව රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.

ඒ අනුව පොලිස් නිලධාරියෙකු නොවන යම් තැනැත්තෙකු වෙත භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන යම් තැනැත්තෙකු එලෙස භාරවී පැය 24ක් ගතවීමට මත්තෙන් ආසන්නතම පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතුය.

එමෙන්ම මෙලෙස භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානය භාර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ෂණ සිදුකිරීම කාර්ය සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

එම විමර්ෂණ වලට අනුව අදාළ තැනත්තා නිශ්චිතව වරදක් කර ඇත්නම් නීතිය ප්‍රකාරව ක්‍රියා මාර්ග ගැනීම සඳහා එම කාරණා නීතිපතිවරයා වෙත යොමු කළ යුතුය.

එලෙස භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන අය සිදුකරන ලද වරදේ ස්භාවය  අනුව එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුල පුනුරුත්ථාපනයට ලක් කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග අදාල තැනැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි වලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇත්ද යන කාරණය ගැන සලකා බැලීමෙන් පසු වසරකට නොවැඩි කාලයක් සඳහා පුනුරුත්ථාපානය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.

මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබූ භාරවන්නෙකුට හෝ අත්ඩංගුවට ගනු ලැබූ තැනැත්තෙකුට මධ්‍යස්ථාන භාර නිලධාරියාගේ අවසරය ඇතිව සෑම මධ්‍යස්ථාන භාර නිලධාරියාගේ අවසරය ඇතිව සෑම සති දෙකකට වරක් අවස්ථාවෝචිත පරිදි සිය දෙමව්පියන්, ඥාතින් හෝ භාරකරු හමුවිය හැක.

sri lanka government news

-ශානි –

 

Social Sharing
නවතම