පරිනතබව තීරණය වෙන්නේ ජීවත්වුණ අවුරුදු ගානෙන් නෙවෙයි!

political situation youth issues in sri lanka charith galhena

නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය)

දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති බවක් තමයි පෙනුණේ.

ඇත්තටම එහෙම ජනතාව ආකර්ෂණය නොවීමක් නෙවෙයි සිද්ධ වුණේ, ඒ කියන්නේ ජනතාව ඇත්ත වශයෙන්ම විකල්පයක් හොයනවා එතකොට ඒ විකල්පය කොහොමද කියලා දකින එක තමයි ප්‍රශ්නකර තත්වය. මීට අවුරුදු දහයකට පහකට පෙර බලනකොට මේ රටේ තිබ්බේ පාට දෙකක් අතර නැත්තං පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වෙන ක්‍රමයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට මේක වෙනස් වෙලා තියෙනවා. පවතින දේශපාලන ධාරාවෙන් පිටස්තර පුද්ගලයකුට බලය දෙනවා කියන විකල්පයට තමයි මිනිස්සු ගිහිල්ලා තියෙන්නෙ. අර තිබ්බ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා, හැබැයි ඉතින් මේ මිනිස්සු තෝර ගත්ත දේද විකල්පය කියන එක තමයි අද දවසේ ප්‍රශ්න ගත කාරණාව වෙන්නෙ. ඊළඟට අනික් කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගන්නකොට හා මේ ආණ්ඩුව තෝරා තෝරාපත්කර ගන්න කොට ජනතාව බලපු කෝණය සාම්ප්‍රදායික කෝණයට වඩා වෙනස්. තමන්ට මොනවද ලැබෙන්නේ කියලා කියන එක නෙවෙයි ජනතාව බැලුවෙ, ජනතාව බැලුවේ පොදු අරමුණක ඉඳන් නමුත් අද වෙනකොට ඒ පොදු අරමුණු ඉෂ්ඨ වෙලා තියෙනවද ඒ අපේක්ෂාවන් මල්ඵල ගැන්විලා තියෙනවද? ඒ අපේක්ෂාවන් වෙනුවෙන් බලයට පත් කරගත්ත උදවිය පෙනී ඉන්නවද? කියන එක තමයි දැන් තරුණයා සම්බන්ධව තියෙන කාරණාව.

පාර්ලිමේන්තුව ගත්තොත් ඕනම රටක ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන. වෙන රටවල්වල තරුණයෝ තමයි පාර්ලිමේන්තුවේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ. දැන් පින්ලන්තය වගේ ගත්තොත් අගමැතිත් තරුණ කෙනෙක්. එතකොට වයස අවුරුදු තිහත් හතළිහත් අතර වයස පරතරය තියෙන අය තමයි මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. නමුත් අපේ රටේ තාම ආකල්පයක් තියෙනවා තරුණයෝ පරිණත නෑ කියලා.

දේශපාලනයේදී පරිණත බව අවශ්‍යයි, පරිණත බව කියන්නේ රටක් පාලනය කිරීමේදී අවශ්‍ය වන කාරණාවක්, හැබැයි ඒක ජීවත්වෙන අවුරුදු ගාණක් සමග වෙන පරිනත බවක් නෙවෙයි. ඒ  පරිණතවීම වෙන්න ඕන පුද්ගලයෙකුගේ දැනුම ආකල්ප සහ ඔවුන් ගන්නා තීරණ අනුව. දැන් ඔය අපි කතා වෙච්ච රටවල් ගත්තහම ඒ අය විවෘත ආර්ථිකයත් එක්ක හිටපු ධනවාදී ආර්ථිකයත් සමග ඉඳලා දැන් ඒ අය ඒ ධනවාදයෙන්ම ඉස්සරහට ගියපු අය. අපි තාම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පවා ඉතාම ළාබාල ජාතියක්. දැන් අපි හිතන් හිටියට මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවයි කියලා, මේ රටේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ 1948 ඉඳලා 1978 දක්වා ඉතා සුළු කාලසීමාවක් පමණයි. එතකොට අවුරුදු 30ක වගේ සුළු කාලසීමාවක් තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණත බවක් තියෙන්නේ . එතකොට මේ රටේ තරුණයා පමණක් නෙවෙයි නෙවෙයි. ජනතාව ද ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් පරිණත නැහැ .මොකද 78 වෙනකොට මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් වෙනස් කරනවා. වෙනස් කරලා තනි පුද්ගලයෙකුට බලය සංකේන්ද්‍රගත කරගන්නවා.

මේ රට ගත්තොත් 1971, 1989 කාලයේ තරුණයා දේශපාලනිකව නැගිච්ච රටක් මේක. එතකොට මේ අවස්ථා තුනේදීම සන්නද්ධ අරගලවලට ගිහිල්ලා විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙනවා. එහෙනම් අපි කල්පනා කරලා කරලා බලන්න ඕනි අර ඔබ කිව්ව කාරණාව, මේ රටේ ඇත්ත වශයෙන්ම දේශපාලනය තරුණයාට විවෘත ද, වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න තරුණයා ගත්තහම තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් තමන්ට උරුම වෙච්ච දේශපාලන බූදලය අරගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න තරුණයා පාර්ලිමේන්තුවේ ගාමක බලවේගයක් ද? ඒ තරුණයාට මේ ක්‍රමවේදය වෙනස් කරන්න පුලුවන්ද? උත්තරය බැහැ කියන එක.

මට කියන්න ලංකාවේ දේශපාලන ධාරාවේ දැන් ඉන්න වයසක අය තමන්ගේ පක්ෂයේ ඉහළට තරුණයෙක් එනවට අකමැත්තක් තිබෙනවා නේද? ඔවුන් සත්භාවයෙන් තමන්ගේ අසුන ඊළඟ පරම්පරාවට දෙන්න පොඩ්ඩක් පස්ස ගහනවා නේද?

ඒක ඇත්තටම තරුණයන් එනවට තියෙන අකමැත්තක් නෙවෙයි, ඔය ප්‍රශ්නෙ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ඉහළ ස්ථරයේ ඉන්න නායකත්වයට තියෙන අවශ්‍යතාවය තමන් දාලා යනකොට තමන්ගේ පුතාව ගේන්න තියෙන අවශ්‍යතාවය . එතකොට අද රටේ බලය එක පවුලක් අතේ තියාගන්න ක්‍රමයක් තමයි තියෙන්නෙ. සේනානායකගෙන් බණ්ඩාරනායකට හුවමාරු වීම බණ්ඩාරනායකගෙන් නැවතත් සේනානායකට හුවමාරුවීම ඉන්පසු ජයවර්ධන ලා වික්‍රමසිංහ ලා ඔහොම ගිහිල්ලා මේ වනකොට රාජපක්ෂලාට මේ බලය ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මේ දේශපාලනයේ ඉන්නේ රාජපක්ෂ පවුල විතරයි. ඒ නිසා රාජපක්ෂ පවුල කැමති නැහැ මේ බලය වෙන කෙනෙක් අතට දීලා යන්න. මොකද වෙන නමක් රටේ බලයට එනවට ඔවුන් කැමති නැහැ. එතකොට තව රාජපක්ෂ කෙනෙක් තමයි මෙතනට ගේන්න ඕනි. ඒ රාජපක්ෂව බලයට ගේන්න අලුතෙන් තරුණයෝ උඩට ආවොත් ඔය ස්තරයේ ඉන්න අයට ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.  ඒක තමයි ඇත්ත තත්ත්වය.

මේක වෙනස් කරන්න හැකියාවක් තියෙනවද ?

තරුණයින් ඕක අවස්ථා ගණනාවකදී වෙනස් කරන්න හැදුවා නමුත් වෙනස් කරන්න බැරි වුණා. දැන් අපි වගේ අය, විකල්ප දේශපාලන ප්‍රවාහයන් හොයාගන්න හේතුවත් ඒක. මොකද නැත්නම් අපිටත් පුළුවන්නේ ප්‍රධාන ප්‍රවාහයන්වල යන සිස්ටම් එකට යන්න, එතකොට ඒ ගමන ලේසි නැහැ. දේශපාලන චරිතයක් කියන්නේ මාධ්‍ය මගින් හදන දෙයක්. එතකොට මාධ්‍ය යම් පුද්ගලයෝ තෝරගෙන තියෙනවා ඒ අයව හදනවා. මාධ්‍ය කාල සීමාව දෙන්නෙත් මාධ්‍යයට ඉඩහසර ලැබෙන්නෙත් ඔය කාරණාව නිසා. මේ දේශපාලන ක්‍රමය සර්ව සාධාරණ සර්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා අපි වගේ විකල්ප ධාරාවකට තියෙන ඉඩ හසර හරි අඩුයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණට වර්තමානයේ එල්ල වන චෝදනාව ගන්නකෝ. එනම් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරයි කියලා පහුගිය යහ පාලන කාලයේ. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒක ඉතිහාසය පුරාවටම ජනතා විමුක්ති පෙරමුණ කරල තියෙන්නෙ රටේ ජන මතය නිවරදි  දිශානතියකට හදන එක. 1971 ගත්තත් එහෙමයි, 1971 ජනමතය හදද්දි ඒ ජනමතය පාවිච්චි කරලා ජේ .ආර් ජයවර්ධන බලයට පත්වෙනවා. ඊට පස්සේ 87 දී ඉන්දියාවේ සාම සාධක හමුදාව ලංකාවට එනකොට ඉන්දියානු සාම ගිවිසුම අත්සන් කරන කොට ලංකාවේ ස්වෛරීත්වය ලංකාවේ භෞමික අඛණ්ඩතාවය තදබල විදිහට ඉතිහාසයේ තර්ජනයට ලක් වෙද්දී, ඒ වගේම  දෙවන ලෝක යුද්ධ කාලයේ ජපන් ගුවන් හමුදාව ලංකාව ආක්‍රමණය කරද්දී හයවැනි පාරට ලංකාවේ ගුවන් සීමාව විදේශීය හමුදාවක් ආක්‍රමණය කරනකොට ලංකාවේ ජන මතය හදන්න හිටියේ එක පක්ෂයක් පමණයි ඒ ජනතා විමුක්ති පෙරමුණ. ඒ හදන ජනමතය පාවිච්චි කරලා 94දී චන්ද්‍රිකා බලයට එනවා. ඕකයි තත්ත්වය.

Social Sharing

Related posts