නඩුවක සාක්ෂිකරුවෙකුට ගොකරැල්ල පොලිසියෙන් හිරිහැර!

දොඩම්ගස්ලන්ද, කොකෝවත්ත පදිංචි දිලීප නුවන් රාජපක්ෂ 20 හැවිරිදිය. ඔහුගේ ජිවිතයට මේ වන විට ගොකරැල්ල පොලිසියෙන් අවදානමක් මතුව තිබේ. ඒ ඔහු ගොකරැල්ල පොලිසියට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීම නිසාය.

දිලීප නුවන් කියන ආකාරයට ඔහු ගොකරැල්ල පොලිසීයට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත්ව ඇත්තේ තම පාසල් මිතුරා වෙනුවෙනි. ඒ දොඩන්ගස්ලන්ද, තෙලඹුගල්ල, වාගොල්ල පදිංචි කංචන ප්‍රගීත් ධර්මතිලකය. ඔහු පහුගියදා උසස්පෙළට පෙනී සීටිමට නියමිතව තිබුණත් ව්‍යාජ පැමිණිල්ලක් මත පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිම නිසා උසස්පෙළ විභාහගය ඔහුගෙන් ගිලිහී තිබුණි.

උසස් පෙළ විභාහගයට දින කිහිපයත් තිබියදී දිලීප නුවන්ගේ නිවසට කඩා වැදුනු ගොකරැල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් ඔහුට පවසා තිබුණේ කංචනව මඟට ගෙන්නා ගන්නා ලෙසය. පොලිස් නිලධාරීන්ගේ කීමට දිලීප විසින් කංචනට දුරකථන ඇමතුමක් ලබා දී නිවසින් එළියට ගෙන්වා ගත් අවස්ථාවේ කංචනව  එකී පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගංජා සන්තකයේ තබා ගත් බව පවසමිනි.

නමුත් පසුදා පොලිසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. දිලිපට මෙම චෝදනාව එල්ල වු අතර ඔහු අධිකරණයේදී නිහඬව වැරැද්ද භාර ගෙන ඇත. නමුත් කංචන නිවැරදිකරු බව පවසා ඇත. එ් අනුව කංචනව රක්ෂිත බන්ධනාගාරයටත් දිලීපව දඩ ගෙවීමෙන් පසු මුදා හැරීමත් සිදු විය.  මාස හයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කංචනට  තවමත් ඇප ලබා ගැනීමට හැකිවී නැත.

කංචනව  පොලිසිය තුලදි විවිධ වධහිංසාවන්ට ලක්ව තිබු අතර දඩ ගෙවා පැමිණි දිලිපද එය තහවුරු කර ඇත. ඒ අනුව කංචනගේ මව මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවටත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත්, පොලිස්පතිවරයාටත් පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලිස් කොමිසම කල මූලික විමර්ශනයකින් අනතුරුව පොලීසිය එම අවස්ථාවේදී ක්‍රියාකල ආකාරය ප්‍රශ්ණ සහගත බව ලිඛිතව ප්‍රකාශයට පත්කරන ලදි.

කංචනට  ව්‍යාජ අත්අඩංගුවට ගැනීම හා ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියට එරෙහිව සාක්ෂි ලබා දීමට දීලිප මේ වන විට ඉදිරිපත්ව ඇත. නමුත් ගොකරැල්ල පොලිසිය ඔහුට වරින් වර මේ සම්බන්ධව තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

ඊට ආසන්නතම සිද්ධිය වුයේ පසුගිය  මාර්තු 15 දිනය. එදින  දෙවරක්ම මෙම තරුණයා  සොයා පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇත. දෙවන වර  පිටුපස දොරෙන් එක් අයෙකු පිස්තෝලයක්ද රැගෙන නිවසට ඇතුල්වී ඇති අතර  නිවසේ සිටි පාසල් වයසේ දරුවකුටද එම අවිය පෙන්වා තර්ජනය කර ඇත. මෙම පුද්ගලයා ගොකරැල්ල පොලීසියේ අයෙකු බව ඔවුන් විසින් හඳුනාගෙන තිබේ.

ඊට පෙර මාර්තු 12 දා කංචනගේ මව ඉදිරියේම ගොකරැල්ල පොලිස් නිලධාරින් විසින් කංචනගේ මව ඉදිරියේම දිලිපට තර්ජනය කර ඇත්තේ නඩුවකට පටලවන බව පවසමිනි.

මේ අතර දිනයක් රහිත රථ වාහන වැරැද්දක් සම්බ්නධයෙන් උසාවියේ පෙනී සිටින ලෙසට මේ වන විට දිලිපට සිතාසියක්ද ලැබී ඇත.

සාක්ෂිකරුවෙකුට ගෞරවයෙන් සහ පුද්ගලිකත්වයට සාධාරණයක් වන සේ ගෞරවයෙන් සලකාගනු ලැබිමේ මෙන්ම කිසිදු හිරිහැරයකට ලක් නොවී සිටිමේ අයිතියද ඇත.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙලක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය බිහි විය.

නමුත් මෙරට 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දිමේ සහ ආරක්ෂා කිරිමේ පනතක් අපට තිබුණද එය ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැත. ඒසේ ක්‍රියාත්මක වන්නේ නම් දිලිපව මෙසේ අනාරක්ෂිත නොවනු ඇත.

ශානිකා

ඥානවීර දිසානායක

Social Sharing
නවතම